එවිට ආබ්‍රහම්, “පුතා, දෙවියන් වහන්සේ ම පූජාව සඳහා බැටළු පැටවා දෙන සේකැ”යි පිළිතුරු දුනි. මෙලෙස දෙදෙනා ම ගමන් කළහ.
උත්පත්ති 22:7 - Sinhala New Revised Version මෙසේ යද්දී, ඊසාක් තම පිය ආබ්‍රහම්ට, “තාත්තේ” කියා ඇමතූ විට, “පුතා, මම මෙහි ය”යි ඔහු පිළිතුරු දුනි. එවිට ඊසාක්, “තාත්තේ, මෙහි දරත් ඇත; ගින්දරත් ඇත; නමුත් පූජාවට බැටළු පැටවා කොහේ ද” කියා ඇසී ය. Sinhala New Revised Version 2018 මෙසේ යද්දී, ඊසාක් තම පිය ආබ්‍රහම්ට, “තාත්තේ” කියා ඇමතූ විට, “පුතා, මම මෙහි ය”යි ඔහු පිළිතුරු දුනි. එවිට ඊසාක්, “තාත්තේ, මෙහි දරත් ඇත; ගින්දරත් ඇත; නමුත් පූජාවට බැටළු පැටවා කොහේ ද” කියා ඇසී ය. Sinhala Revised Old Version ඊසාක් තමාගේ පියවූ ආබ්‍රහම්ට කථාකොට: මාගේ පියාණෙනියි කීය. ඔහුද: මාගේ පුත්‍රය, මම මෙහියයි කීය. ඔහු: බැලුව මැනවි, ගින්දරත් දරත් තිබේ, එහෙත් දවන පූජාවට බැටළුපැටවා කොයිදැයි කීවේය. |
එවිට ආබ්‍රහම්, “පුතා, දෙවියන් වහන්සේ ම පූජාව සඳහා බැටළු පැටවා දෙන සේකැ”යි පිළිතුරු දුනි. මෙලෙස දෙදෙනා ම ගමන් කළහ.
එවිට නෝවා සමිඳාණන් වහන්සේට පූජාසනයක් තනා, එක එක වර්ගයේ සියලු පවිත්‍ර සතුන්ගෙන් හා පක්ෂීන්ගෙන් එක එකා බැගින් පූජාසනය මත දවන පඬුරක් මෙන් පූජා කෙළේ ය.
නුඹලා මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, මෙසේ නිවේදනය කළ යුතු ය. ‘මේ මාසයේ දස වන දින, හැම මිනිසෙක් ම එක් ගෙදරකට බැටළු පැටවෙකු බැගින් පවුලකට බැටළු පැටවෙකු සපයාගත යුතු ය.
“පූජාසනය මත නුඹ දිනපතා ම, නොකඩවා පූජා කළ යුතු පඬුරු නම්, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකි.
උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, “අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත්, මා කැමැති ලෙස නොව, ඔබ කැමැති ලෙස වේ වා”යි යාච්ඤා කළ සේක.
උන් වහන්සේ නැවත දෙ වන වරටත් නික්ම ගොස්, “අහෝ මාගේ පියාණෙනි, මා විසින් පානය නොකොට මේ කුසලාන පහ කළ නොහැකි නම්, ඔබගේ කැමැත්ත වේ වා”යි කියා යාච්ඤා කළ සේක.
පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, “මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ!
එවිට ජේසුස් වහන්සේ, “කඩුව කොපුවේ දමන්න, පියාණන් වහන්සේ මට දී තිබෙන කුසලාන මම නොබොම් දැ”යි පේදුරුට වදාළ සේක.
මන්ද, ඔබ ලබා ඇත්තේ නැවතත් බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව, “අබ්බා, පියාණෙනි”යි අමතා යාච්ඤා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි.
මරණයට පත් කරන ලද, බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතේ ලෝකාරම්භයේ සිට නාම නොලියන ලද මිහි පිට සියලු පොළෝ වාසීහු ඌට නමස්කාර කරන්නෝ ය.