නික්මයාම 29:38 - Sinhala New Revised Version38 “පූජාසනය මත නුඹ දිනපතා ම, නොකඩවා පූජා කළ යුතු පඬුරු නම්, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201838 “පූජාසනය මත නුඹ දිනපතා ම, නොකඩවා පූජා කළ යුතු පඬුරු නම්, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version38 නුඹ පූජාසනය පිට ඔප්පුකළ යුතුදේ නම් මේය; නොකඩව දවස්පතා එක් අවුරුදු බැටළු වස්සෝ දෙදෙනෙක. පරිච්ඡේදය බලන්න |
මම මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟා උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කරන පිණිසත්, නිරන්තර පිදීමේ රොටි තබන පිණිසත්, උදේ සවස ද සබත් දවස්වල ද අමාවක් දිනවල ද අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියම මංගල්‍යවල දී ද දවන යාග පූජා ඔප්පු කරන පිණිසත් එය උන් වහන්සේට කැප කරන්න යමි. මෙය සදහට ම ඉශ්රායෙල්වරුන්ට නියෝගයක් වනු ඇත.