තේරාගේ පෙළපත මෙසේ ය: තේරා වනාහි ආබ්‍රම්, නාහෝර් සහ හාරාන්ගේ පියා ය. හාරාන් ලොත්ගේ පියා ය.
උත්පත්ති 19:1 - Sinhala New Revised Version දූතයන් දෙදෙනා සවස් කාලයේ සොදොම් නුවරට පැමිණි විට නුවර වාසල් දොරකඩ ලොත් වාඩි වී සිටියේ ය. ලොත් ඔවුන් දුටු විට, නැඟිට ඔවුන් හමු වීමට ගොස්, හිස නමා වැඳ, Sinhala New Revised Version 2018 දූතයන් දෙදෙනා සවස් කාලයේ සොදොම් නුවරට පැමිණි විට නුවර වාසල් දොරකඩ ලොත් වාඩි වී සිටියේ ය. ලොත් ඔවුන් දුටු විට, නැඟිට ඔවුන් හමු වීමට ගොස්, හිස නමා වැඳ, Sinhala Revised Old Version දේවදූතයන් දෙදෙනා සවස් වේලෙහි සොදොමට පැමුණුණෝය; ලොත් සොදොමේ දොරටුවේ හුන්නේය. ලොත් ඔවුන් දැක ඔවුන් සම්මුඛවන පිණිස නැගිට මුහුණින් බිමට නැමුණේය; |
තේරාගේ පෙළපත මෙසේ ය: තේරා වනාහි ආබ්‍රම්, නාහෝර් සහ හාරාන්ගේ පියා ය. හාරාන් ලොත්ගේ පියා ය.
ආබ්‍රම් කානාන් දේශයෙහි පදිංචි විය. ලොත් තැනිතලාවේ නගර අතර පදිංචි වී සොදොම් නගරය අසල කඳවුරු බැන්දේ ය.
අමුත්තෝ තිදෙන ද එතැනින් නික්ම සොදොම් නුවර බලා පිටත් වූ හ. ආබ්‍රහම් ද මඟපෙන්වීමට ඔවුන් සමඟ ගියේය.
එවිට අමුත්තෝ එතැනින් නික්ම සොදොම් බලා පිටත් වූ හ. එහෙත්, ආබ්‍රහම් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ම නැවතී සිටියේ ය.
“මහතුනි, කරුණාකර, මේ ඔබේ දාසයාගේ නිවසට ඇතුළු වන්න, පාද සෝදාගෙන අද රෑ මෙහි නවතින්න. අලුයම නැඟිට ඔබ යන ගමන යන්නට පුළුවනැ”යි කී ය. එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, “නැත, මුළු රැය ම අපි වීදියේ ගත කරන්නෙමු”යි කී හ.
ලොත්ගේ දවස්වල දී ද එසේ ම විය; ඔව්හු කමින්, බොමින්, වෙළහෙළඳාම් කරමින්, වවමින්, ගෙවල් සාදමින් කල් යැවූ හ:
ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ.
බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේ ය. නොබෝ වේලාවකින්, ඔහු කලින් සඳහන් කළ එලිමෙලෙක්ගේ කිට්ටු නෑයා එතැනට පැමිණියේ ය. බෝවස් ඔහුගේ නම කියා අමතමින්, “මිත්‍රය, මෙහි අවුත් වාඩිවන්නැ”යි ඔහුට කී ය. ඔහු එහි ගොස් වාඩි විය.