ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයිට දරුවෙක් උපන්නේ නැත. එහෙත්, ඈට හාගර් නම් මිසර ජාතික වහල් කෙල්ලක් සිටියා ය.
උත්පත්ති 16:8 - Sinhala New Revised Version ඔහු ද කතා කොට, “හාගර්, සාරයිගේ වහල් කෙල්ල, ඔබ ආවේ කොහෙන් ද? යන්නේ කොහේ දැ”යි ඇසී ය. ඈ උත්තර දෙමින්, “මම මාගේ ස්වාමිදූ වන සාරයි වෙතින් පලා යමි”යි කීවා ය. Sinhala New Revised Version 2018 ඔහු ද කතා කොට, “හාගර්, සාරයිගේ වහල් කෙල්ල, ඔබ ආවේ කොහෙන් ද? යන්නේ කොහේ දැ”යි ඇසී ය. ඈ උත්තර දෙමින්, “මම මාගේ ස්වාමිදූ වන සාරයි වෙතින් පලා යමි”යි කීවා ය. Sinhala Revised Old Version උන්වහන්සේ: සාරයිගේ දාසීවූ හාගර්, නුඹ කොතැන්හි සිට ආයෙහිද? කොතැනට යන්නෙහිදැයි කීසේක. ඈ: මාගේ ස්වාමිදුවවූ සාරයි ඉදිරියෙන් පලායමියි කීවාය. |
ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයිට දරුවෙක් උපන්නේ නැත. එහෙත්, ඈට හාගර් නම් මිසර ජාතික වහල් කෙල්ලක් සිටියා ය.
ඔහු ඈ සමඟ එක් වූ පසු ඈ පිළිසිඳගත්තා ය. හාගර් පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ ඇගේ ස්වාමිදුව සුළු කොට සැලකුවෙන්,
එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඈට කතා කොට, “නුඹේ ස්වාමිදූ වෙත ආපසු හැරී යන්න. ගොස් ඇයට යටත් ව සිටින්නැ”යි කී ය.
දරුවාගේ හඬ දෙවියන් වහන්සේට ඇසිණි. උන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කොට, “ඔබ කරදර වී ඉන්නේ කුමක්නිසා ද? බිය නොවන්න. දරුවාගේ හැඬීම දෙවියන් වහන්සේට ඇසී ඇත.
සමිඳාණන් වහන්සේ ද, “නුඹ කළ මේ දේ කුමක් ද? බලන්න, නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි.
එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසාගෙන පිටතට ගොස් ගුහාවේ දොරකඩ සිටියේ ය. එවිට හඬක් ඔහු වෙත පැමිණ, “එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඇසී ය.
පසු ව ඔහු එහි ගුහාවකට ඇතුළු වී නවාතැන් ගත්තේ ය. සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ද ඔහු වෙත පැමිණියේ ය. උන් වහන්සේ ඔහුට කතා කොට, “එලියා, නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක.
ඔහු වනාහි ඇතුළු වී තමාගේ ස්වාමියා ඉදිරියේ සිටියේ ය. එලිෂා කතා කොට, “ගෙහාසී ඔබ කොහේ ගොස් ආවෙහි දැ”යි ඔහුගෙන් ඇසී ය. “ඔබේ මෙහෙකරුවා කොහේවත් ගියේ නැතැ”යි ඔහු කී ය.
ආණ්ඩුකාරයාගේ සිත ඔබට විරුද්ධ ව ඇවිළී ගියොත්, ඔබේ රක්ෂාවෙන් ඉවත් වී නොයන්න; මන්ද, සන්සුන්කමින් බරපතල වරදකට වුව ද සමාව ලැබිය හැකි ය,
ඒ මහල්ලා තම හිස ඔසවා නුවර වීදියේ හුන් ඒ මඟියා දැක, “ඔබ කොතැනට යන්නෙහි ද? කොතැන සිට එන්නෙහි දැ”යි ඇසී ය.
මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබේ මෙහෙකරුවා වන මාගේ වචනවලට සවන් දෙන්න. ඔබ තුමා මට විරුද්ධ ව පෙළඹුවේ සමිඳාණන් වහන්සේ නම්, උන් වහන්සේ පූජාවක් පිළිගන්න සේක් වා! එහෙත්, ඔබ තුමා පෙළඹෙව්වේ මනුෂ්‍යයෝ නම්, ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාපලද්දෝ වෙත් වා. මන්ද, ඒ මිනිස්සු, ‘ඔබ ගොස් අන් දෙවිවරුන්ට නමස්කාර කරන්න’ කියා මට දැන් සමිඳාණන් වහන්සේගේ උරුමයට හිමිකමක් නැති වන හැටියට මා පන්නාදැමූ හ.