ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 10:18 - Sinhala New Revised Version

අර්වාදිවරුන්ගේ ද ශෙමාරිවරුන්ගේ ද හමාතිවරුන්ගේ ද පියා විය. ඉන්පසු කානානිවරුන්ගේ ගෝත්‍රයෝ පැතිරී ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අර්වාදිවරුන්ගේ ද ශෙමාරිවරුන්ගේ ද හමාතිවරුන්ගේ ද පියා විය. ඉන්පසු කානානිවරුන්ගේ ගෝත්‍රයෝ පැතිරී ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අර්වාදිවරුද ශෙමාරිවරුද හමාතිවරුද උපන්නෝය. ඉන්පසු කානානිවරුන්ගේ ගෝත්‍රයෝ පැතිරගියෝය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 10:18
14 හුවමාරු යොමු  

හිවීවරුන්ගේ ද අර්කිවරුන්ගේ ද සිනීවරුන්ගේ ද


කානානිවරුන්ගේ දේශ සීමා සීදොන් සිට ගෙරාර් දෙසට පිහිටි ගාසා දක්වා ද සොදොම්, ගොමොරා, අදිමා සහ ශෙබොයිම් දෙසට පිහිටි ලාෂා දක්වා ද පැතිරී ඇත.


දාවිත්, හදද්-එශෙර්ගේ මුළු සේනාවට පහර දුන් බව හමාත්හි රජු වන තොයි ඇසූ විට, දාවිත් එසේ හදද්-එශෙර්ට විරුද්ධ ව සටන් කොට ඔහුට පහර දුන් නිසා දාවිත්ට ආචාර කරන්නටත්,


අසිරියාවේ රජ බබිලෝනියෙන් ද කුතාවෙන් ද අව්වායෙන් ද හමාතෙන් ද සෙපර්වයිමෙන් ද මිනිසුන් ගෙනවුත්, ඉශ්රායෙල් ජනයා වෙනුවට සමාරියේ නගරවල පදිංචි කරවී ය. ඔව්හු සමාරිය හිමි කරගෙන එහි නගරවල වාසය කළෝ ය.


එසේ බබිලෝනියේ මිනිස්සු සුක්කොත්-බෙනොත් ද කුත්හි මිනිස්සු නේර්ගල් ද හමාත්හි මිනිස්සු අෂිමා ද


ආර්වාදිවරු ද ශෙමාරිවරු ද හමාතිවරු ද උපන්නෝ ය.


එවිට අබියා එප්‍රායිම් කඳු රටේ තිබෙන ශෙමාරයිම් කන්ද උඩ සිට මෙසේ කී ය: “ජෙරොබෝවම් සහ සියලු ඉශ්රායෙල්වරුනි, මාගේ බස් අසන්න.


කල්නෝ හා කර්කෙමිෂ් නගර, හමාත් හා අර්පත් නගර මම ජය ගතිමි. සමාරිය හා දමස්කය මම ජය ගතිමි.


සීදොන්හි සහ අර්වද්හි වැසියෝ නුඹේ හබල්කාරයන් ව සිටියෝ ය. එම්බා තීර්! නුඹ තුළ සිටි නුඹේ ප්‍රඥාවන්තයෝ නුඹේ නාවිකයෝ වූ හ.


හද්‍රාක් දේශයට යාව ඇති හමාත් ද නොයෙක් ශූර නුවණ ඇති තීර් සහ සීදොන් ද උන් වහන්සේට අයිති ය.


එතැන් සිට හමාත් දූර්ගය, ශෙදාද් සහ


බෙත්-අරබා ද ශෙමාරයිම් ද බෙතෙල් ද


පවුරු සහිත නගර නම්: ශිද්දීම් ද ශේර් ද හම්මත් ද රක්කත් ද කින්නෙරොත් ද