ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 6:6 - Sinhala New Revised Version

ඔවුන් නාකොන්ගේ කමතට පැමිණි විට හරකුන් දැඟලූ බැවින්, උශ්ශා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට අත දිගු කොට එය ඇල්ලුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන් නාකොන්ගේ කමතට පැමිණි විට හරකුන් දැඟලූ බැවින්, උශ්ශා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට අත දිගු කොට එය ඇල්ලුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන් නාබොත්ගේ පාවරට පැමිණි විට හරක් දැඟලූ බැවින්, උස්සා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට අත දිගුකොට එය ඇල්ලුවේය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 6:6
5 හුවමාරු යොමු  

ඔව්හු ජොර්දානෙන් එගොඩ අතාද් නම් ස්ථානයේ කමතට පැමිණ, එහි මහත් සංවේගයකින් තදින් වැලපුණාහ. ජෝසෙප් ද දවස් හතක් අවමංගල වත්පිළිවෙත් ඉටු කෙළේ ය.


කීදොන්ගේ කමතට ආ කල රථයේ බැඳ සිටි හරක් දැඟලූ බැවින් ගිවිසුම් කරඬුව අල්ලන්න උශ්ශා තමාගේ අත දිගු කෙළේ ය.


“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.


“ලෙවීවරුන් අතරෙන් කොහාත්ගේ ගෝත්‍රයේ දරුපරපුර පහ නොකරන්න.