2 සාමුවෙල් 6:7 - Sinhala New Revised Version7 එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවිළිණි. දෙවියන් වහන්සේ ඒ වරද නිසා එහි දී ඔහුට පහර දුන් සේක. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ මැරුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවිළිණි. දෙවියන් වහන්සේ ඒ වරද නිසා එහි දී ඔහුට පහර දුන් සේක. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ මැරුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 එවිට ස්වාමීන්වහන්සේගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය; ඒ වරද නිසා දෙවියන්වහන්සේ එහිදී ඔහුට පහර දුන්සේක; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ මළේය. පරිච්ඡේදය බලන්න |
“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.