දහහතර වන අවුරුද්දේ දී කෙදොර්-ලායොමෙර් සිය මිත්‍ර රජවරුන් සමඟ විත්, අෂ්තෙරොත්-කර්ණයිම්හි විසූ රෙපාවරුන් ද හාම්හි සිටි සුසිවරුන් ද කිරියාතායිම් තැනිතලාවේ විසූ ඒමිවරුන් ද
2 සාමුවෙල් 5:18 - Sinhala New Revised Version පිලිස්තිවරු අවුත් රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය. Sinhala New Revised Version 2018 පිලිස්තිවරු අවුත් රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය. Sinhala Revised Old Version පිලිස්තිවරු ඇවිත් රෙඵාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය. |
දහහතර වන අවුරුද්දේ දී කෙදොර්-ලායොමෙර් සිය මිත්‍ර රජවරුන් සමඟ විත්, අෂ්තෙරොත්-කර්ණයිම්හි විසූ රෙපාවරුන් ද හාම්හි සිටි සුසිවරුන් ද කිරියාතායිම් තැනිතලාවේ විසූ ඒමිවරුන් ද
ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේ දී දාවිත් සිටි අදුල්ලම් ගුහාවට ගියහ. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියහ.
ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් අදුල්ලම් ගුහාවේ නැවතී සිටි දාවිත්ට එකතු වන පිණිස පර්වතයට ගියෝ ය. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝ ය.
ඉශ්රායෙල් ගොයම් කපන ලද කෙතක් මෙන් වන්නේ ය. එය රෙපාවරුන්ගේ මිටියාවතේ අන්තිම කරල පවා අහුලාගත් පසු පාළු වී ඇති කෙතක් මෙන් වන්නේ ය.
එතැනින් සීමාව ජෙබුසිවරුන් වාසය කළ ජෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයන්ගේ මිටියාවත මැදින් නැඟී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන් ද රෙපායිම්වරුන්ගේ මිටියාවතට උතුරෙන් තිබෙන කන්ද මුදුන දක්වා වැටී තිබිණි.
ජෝෂුවා පිළිතුරු දෙමින්, “ඔබ හැම මහා සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට ඔබට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේ ද රෙපායිම්වරුන්ගේ ද රටෙන් කොටසක් එළි කරගන්නැ”යි ඔවුන්ට කීවේ ය.
එතැනින් සීමාව හින්නොම්ගේ පරපුරට අයිති මිටියාවත ඉදිරිපිට රෙපායිම්වරුන්ගේ මිටියාවතෙහි උතුරට තිබෙන කන්දේ කෙළවරට බැස, එතැනින් ජෙබුසිවරුන්ට දකුණු පැත්තෙන් තිබෙන හින්නොම්ගේ මිටියාවතට බැස, එතැනින් ඒන්-රෝගෙල් දක්වා විය.