Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 15:8 - Sinhala New Revised Version

8 එතැනින් සීමාව ජෙබුසිවරුන් වාසය කළ ජෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයන්ගේ මිටියාවත මැදින් නැඟී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන් ද රෙපායිම්වරුන්ගේ මිටියාවතට උතුරෙන් තිබෙන කන්ද මුදුන දක්වා වැටී තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එතැනින් සීමාව ජෙබුසිවරුන් වාසය කළ ජෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයන්ගේ මිටියාවත මැදින් නැඟී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන් ද රෙපායිම්වරුන්ගේ මිටියාවතට උතුරෙන් තිබෙන කන්ද මුදුන දක්වා වැටී තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 එතනින් සීමාව යෙබූසිවරුන් වාසය කළ යෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත මැදින් නැගී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන්ද රෙඵාවරුන්ගේ මිටියාවතේ කෙළවරට උතුරෙන්ද තිබෙන කන්ද මුදුනට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 15:8
17 හුවමාරු යොමු  

එතැනින් සීමාව හින්නොම්ගේ පරපුරට අයිති මිටියාවත ඉදිරිපිට රෙපායිම්වරුන්ගේ මිටියාවතෙහි උතුරට තිබෙන කන්දේ කෙළවරට බැස, එතැනින් ජෙබුසිවරුන්ට දකුණු පැත්තෙන් තිබෙන හින්නොම්ගේ මිටියාවතට බැස, එතැනින් ඒන්-රෝගෙල් දක්වා විය.


එහෙත්, ජෙරුසලමේ වාසය කළ ජෙබුසිවරුන් පන්නාදමන්නට ජුදා ජනයාට නොහැකි විය. අද දවස දක්වා ජෙබුසිවරු ජුදා ජනයා සමඟ ජෙරුසලමෙහි වාසය කරති.


එහෙත්, ඒ මිනිසා ඒ රාත්‍රියේ නවතින්නට නොකැමැති ව නැඟිට, සෑදල දැමූ කොටළුවන් දෙදෙනෙකු ද තමාගේ උපභාර්යාව ද රැගෙන ගොස්, ජෙබූස්, එනම්, ජෙරුසලම ඉදිරිපිටට පැමිණියේ ය.


ශේලා ද එලෙප් ද ජෙරුසලම වන ජෙබුසීය ද ගිබෙයා ද කිරියත් ද යන නගර දසසතර සහ ඒවා යාබද ගම් ය. බෙන්ජමින් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මේ ය.


කිසිවෙකු තමාගේ පුත්‍රයෙකු වත්, දුවක වත් මොලෙක් දෙවියාට ගින්නෙන් කැප නොකරන පිණිස ඔහු හින්නොම් පුත්‍රයන්ගේ මිටියාවතෙහි තිබුණ තොපෙත් නම් ගිනි උදුන දූෂ්‍ය කෙළේ ය.


බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිස්සු ජෙරුසලමේ විසූ ජෙබුසිවරුන් පන්නා නොදැමූ හ. ජෙබුසිවරු අද දවස දක්වා බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ සමඟ ජෙරුසලමේ වාසය කරති.


ඉක්බිති ජෙරමියා දිවැස් වැකි කියන පිණිස සමිඳාණන් වහන්සේ විසින් යවනු ලැබූ තෝපෙත් සිට අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ සිටිමින්, මුළු සෙනඟට කතා කොට,


ඒ නිසා, මේ ස්ථානයට තෝපෙත් කියා වත්, බෙන්-හින්නොම් මිටියාවත කියා වත් නොකියා, ඝාතන මිටියාවත කියා කියන කාලය පැමිණෙන්නේ යයි ස්වාමීන් වන මම කියන්නෙමි.


කුඹල් දොරටුව ළඟ තිබෙන බෙන්-හින්නොම් මිටියාවතට පැමිණ, මා නුඹට කියන වචන එහි දී ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක.


ඉශ්රායෙල් ගොයම් කපන ලද කෙතක් මෙන් වන්නේ ය. එය රෙපාවරුන්ගේ මිටියාවතේ අන්තිම කරල පවා අහුලාගත් පසු පාළු වී ඇති කෙතක් මෙන් වන්නේ ය.


ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පු කොට, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේ ය.


පිලිස්තිවරු යළිත් පැමිණ රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය.


පිලිස්තිවරු අවුත් රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය.


ජුදා සෙනඟ ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කොට, එය අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී නුවර ගිනි ලෑවෝ ය.


පසු ව දාවිත් ද සියලු ඉශ්රායෙල්වරු ද ජෙබුස නම් වූ ජෙරුසලමට විරුද්ධ ව ගියෝ ය. දේශ වාසී වූ ජෙබුසිවරු එහි සිටියෝ ය.


ශානොවාහි ද අදුල්ලාම්හි සහ ඒවායේ ගම්වල ද ලාකීෂ්හි සහ එහි කෙත්වල ද අශේකාහි සහ එහි ගම්වල ද විසූ හ. මෙසේ ඔව්හු බෙයර්-ෂෙබා සිට හින්නොම්ගේ මිටියාවත දක්වා කූඩාරම් ගසාගත්තෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්