දිනක් සවස් වේලේ දාවිත් තමාගේ යහනින් නැඟිට ගොස්, රජ මාලිගාවේ පියස්ස උඩ සක්මන් කෙළේ ය. එවිට ස්ත්‍රියක ස්නානය කරනු ඔහු පියස්සේ සිට දිටී ය. ඒ ස්ත්‍රිය ඉතා රූමත් වූවා ය.
2 සාමුවෙල් 4:5 - Sinhala New Revised Version තවද, බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයන් වූ රේකාබ් ද බානා ද ගොස් දවල් ග්‍රීෂ්ම වේලාව පමණේ දී ඊෂ්-බොෂෙත්ගේ ගෙට ඇතුළු වූ හ. ඉර මුදුන් වේලාව නිසා ඔහු සැතපී සිටියේ ය. Sinhala New Revised Version 2018 තවද, බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයන් වූ රේකාබ් ද බානා ද ගොස් දවල් ග්‍රීෂ්ම වේලාව පමණේ දී ඊෂ්-බොෂෙත්ගේ ගෙට ඇතුළු වූ හ. ඉර මුදුන් වේලාව නිසා ඔහු සැතපී සිටියේ ය. Sinhala Revised Old Version තවද බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝවූ රේඛාබ්ද බානාද ගොස් දවල් ග්‍රීෂ්ම වේලාව පමණේදී ඊෂ්-බොෂෙත්ගේ ගෙට ඇතුල්වුණෝය, ඉරමුදුන් වේලාව නිසා ඔහු සැතපී උන්නේය. |
දිනක් සවස් වේලේ දාවිත් තමාගේ යහනින් නැඟිට ගොස්, රජ මාලිගාවේ පියස්ස උඩ සක්මන් කෙළේ ය. එවිට ස්ත්‍රියක ස්නානය කරනු ඔහු පියස්සේ සිට දිටී ය. ඒ ස්ත්‍රිය ඉතා රූමත් වූවා ය.
තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,
සාවුල්ගේ පුත්‍රයාට කඩා වදින යුද කණ්ඩායම් භාර අධිපතියන් දෙදෙනෙක් සිටියහ; එක් කෙනෙකුගේ නම බානා ය; අනික් අයගේ නම රේකාබ් ය. මොවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝ ය. මන්ද, බෙයේරොත් ද බෙන්ජමින් වංශයට ඇතුළත් කර තිබිණි.
ඔහුගේ අශ්ව රථ සේනාවෙන් දෙකෙන් කොටසකට අධිපති ව සිටි ඔහුගේ සේවක වන සිම්රී ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, තිර්ශාහි මාලිගාවේ ප්‍රධානියා වන අර්ශාගේ නිවෙසේ ඔහු බීමත් ව සිටින විට,
ඔහු බොහෝ තුවාළ වී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගිය පසු, ඔහුගේ සේවකයෝ පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයන්ගේ මරණය ගැන ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට ඔහුගේ ඇඳේ දී ඔහු මැරුවෝ ය. මෙසේ ඔහු මියගියේ ය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළ නමුත්, රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝ ය.
අමශියා සමිඳාණන් වහන්සේ වෙතින් අහක් ව ගිය පසු ජෙරුසලමෙහි මනුෂ්‍යයන් විසින් ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණයක් කරන ලදී. ඔහු ලාකීෂ්ට පලා ගියේ ය. එහෙත්, සෙනඟ ඔහු පසුපස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහි දී ඔහු මරා,