ඔහු වෙහෙස ව අධෛර්ය ව සිටිය දී මම ඔහුට විරුද්ධ ව ගොස් ඔහු බිය ගන්වන්නෙමි. එවිට ඔහු සමඟ සිටින මුළු සෙනඟ පලා යනු ඇත. මම රජුට පමණක් පහර දෙමි.
2 සාමුවෙල් 4:1 - Sinhala New Revised Version අබ්නේර් හෙබ්‍රොන්හි දී මැරුණු බව සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට සැළ වූ විට ඔහු අධෛර්යයට පත් විය; සියලු ඉශ්රායෙල් ජනයා ද කැළඹුණහ. Sinhala New Revised Version 2018 අබ්නේර් හෙබ්‍රොන්හි දී මැරුණු බව සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට සැළ වූ විට ඔහු අධෛර්යයට පත් විය; සියලු ඉශ්රායෙල් ජනයා ද කැළඹුණහ. Sinhala Revised Old Version අබ්නේර් හෙබ්‍රොන්හිදී මැරුණු බව සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ට සැලවූ විට ඔහුගේ අත් බෙලහීන විය, සියලු ඉශ්‍රායෙල්වරුද කැලඹුණෝය. |
ඔහු වෙහෙස ව අධෛර්ය ව සිටිය දී මම ඔහුට විරුද්ධ ව ගොස් ඔහු බිය ගන්වන්නෙමි. එවිට ඔහු සමඟ සිටින මුළු සෙනඟ පලා යනු ඇත. මම රජුට පමණක් පහර දෙමි.
තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,
අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.
එවිට දේශයේ සෙනඟ, ජුදා සෙනඟ අධෛර්යවත් කරවන්නටත්, තවදුරටත් ගොඩනැඟීමේ වැඩ නොකරන ලෙස ඔවුන් බියගන්වන්නත් පටන්ගත්හ.
අපි අපේ වැඩ අතපසු කර, ඒ හේතුවෙන් ඒ වැඩය කිසි කලක නිම කරනු නොලැබේ ය යන බලාපොරොත්තුවෙන් ඔව්හු සියල්ලෝ ම අප බිය ගන්වන්නට උත්සාහ කළෝ ය. එහෙත්, “දෙවියන් වහන්ස, දැන් මාගේ අත් ශක්තිමත් කළ මැනව.”
බබිලෝනියේ රජු ඔවුන්ගේ කීර්තිය ගැන ඇසූ විට ඔහුගේ අත් පණ නැති විය. දුක ද ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකට මෙන් පීඩනය ද වේදනාව ද ඔහුට ඇති වී තිබේ.
ජෙරුසලම් වැසියෝ මෙසේ කියති: “ඒ පුවත අප අසා ඇත; අපේ අත් දුර්වල වී තිබේ; ස්ත්‍රියට ඇති වන විළිරුජාව සේ දුක් වේදනාව අප පිට පැමිණ ඇත.