Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 3:27 - Sinhala New Revised Version

27 අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 අබ්නේර් හෙබ්‍රොන්ට හැරී ආකල යෝවාබ් ඔහු සමඟ රහසින් කථාකරන්ට දොරටුවේ පැත්තකට කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේය. එසේ කළේ තමාගේ සහෝදරවූ අසාහෙල්ගේ ලේ සඳහාය. ඔහු මළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 3:27
16 හුවමාරු යොමු  

“තවද, ශෙරුයාගේ පුත් ජෝවාබ් විසින් මට කරනු ලැබූ දේ එනම්, ඉශ්රායෙල් හමුදාවල සෙන්පතීන් දෙදෙනා වූ නේර්ගේ පුත් අබ්නේර්ටත්, ජෙතෙර්ගේ පුත් අමාසාටත් කළ දේ ඔබ දන්නෙහි ය. ඔහු ඔවුන් මරා, සාමය ඇති කාලයේ දී යුද්ධ ලේ වගුරුවා මාගේ ඉඟපටියෙහිත්, මාගේ පා වහන්වලත් යුද්ධ ලේ තැවරුවේ ය.


ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ, වඩා යහපත් මිනිසුන් දෙදෙනෙකු එනම්, නේර්ගේ පුත් ඉශ්රායෙල් සේනාවට අධිපති අබ්නේර්ට ද ජෙතෙර්ගේ පුත් ජුදා සේනාවට අධිපති අමාසාට ද පහර දී, මාගේ පිය වූ දාවිත් රජතුමාට නොදැනුවත් ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින්, සමිඳාණන් වහන්සේ ඔහුගේ ලේ ඔහුගේ ම හිස පිට මෙසේ ආපසු පමුණුවනු ඇත.


එවිට නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත් කළා වූ ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියාට කඩුවෙන් පහර දී ඔහු මැරුවෝ ය.


‘තම අසල්වැසියා රහසින් මරා දමන්නාට සාප වේවා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.


‘යමෙකු අනෙකකු මරන අදහසින්, වෛරයෙන් ඔහු තල්ලු කොට හෝ රැක සිට ඔහු වෙත යමක් වීසි කොට හෝ


ජෝවාබ් දාවිත් වෙතින් පිටතට අවුත් අබ්නේර් පසුපස පණිවුඩකාරයන් යැවී ය; ඔව්හු සිරාගේ ළිඳ ළඟ සිට අබ්නේර් නැවත කැඳවාගෙන ආහ. එහෙත්, දාවිත් එය නො‍දත්තේ ය.


ඉන්පසු දාවිත් ඒ ගැන අසා, “මමත්, මාගේ රාජ්‍යයත් නේර්ගේ පුත් අබ්නේර්ගේ ලේ වැගිරීම ගැන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දී සදහට ම නිදොස් ය.


අබ්නේර් හෙබ්‍රොන්හි දී මැරුණු බව සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට සැළ වූ විට ඔහු අධෛර්යයට පත් විය; සියලු ඉශ්රායෙල් ජනයා ද කැළඹුණහ.


එකල අබ්සලොම්, “එසේ නම්, මාගේ සහෝදර අම්නො‍න්ට අප සමඟ යන්නට අවසර ලැබේවා”යි කී ය. “ඔහු ඔබ සමඟ යන්නේ කුමට දැ”යි රජු ඇසී ය.


තවද, අමාසාට කතා කොට, ‘ඔබ මාගේ ලේ නෑයෙක් නො‍වේ ද? අද සිට ජෝවාබ් වෙනුවට මම නුඹ සේනාපතියා වශයෙන් පත් කරමි. එසේ නො‍කළො‍ත් දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක්වා’යි කියන්නැ”යි කියා යැව්වේ ය.


ඒ මැරීම ගැන පළිගන්න තැනැත්තා මිනීමරුවා මරණයට පත් කිරීම ගැන වගකිව යුතු ය. මිනීමරුවා සම්මුඛ වූ විට, ඔහු මරාදැමිය යුතු වේ.


ගිලියද්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ශෙකරියාගේ පුත් ඉද්දෝ ය. බෙන්ජමින්වරුන්ට අබිනේර්ගේ පුත් ජයසීයෙල් ය.


තම නපුරුකම ව්‍යාජයෙන් වසාගත්තත්, ඔහුගේ දුෂ්ටකම සියල්ලන් හට හෙළි වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්