එවිට ශෙරුයාගේ පුත් අබිෂයි කතා කොට, “මෙවැනි බලු කුණක්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට දෙස් කියන්නේ මන් ද? ගොස් ඔහුගේ හිස ගසා දමන්නට මට අවසර ලැබේවා”යි කී ය.
2 සාමුවෙල් 3:8 - Sinhala New Revised Version එවිට අබ්නේර්, ඊෂ්-බොෂෙත්ගේ ප්‍රශ්නය ගැන ඉතා කෝප වී, “මම ජුදාට දාස වූ නරි බල්ලෙක් ද? මම දාවිත්ගේ අතට ඔබ අසු කරනොදී, අද දක්වා ඔබේ පියා වන සාවුල්ගේ වංශයටත්, ඔහුගේ සහෝදරයන්ටත්, ඔහුගේ මිත්‍රයන්ටත් කරුණාව පෙන්නුවෙමි. එහෙත්, අද ඔබ මේ ස්ත්‍රිය සම්බන්ධයෙන් මට දොස් නඟන්නෙහි ය. Sinhala New Revised Version 2018 එවිට අබ්නේර්, ඊෂ්-බොෂෙත්ගේ ප්‍රශ්නය ගැන ඉතා කෝප වී, “මම ජුදාට දාස වූ නරි බල්ලෙක් ද? මම දාවිත්ගේ අතට ඔබ අසු කරනොදී, අද දක්වා ඔබේ පියා වන සාවුල්ගේ වංශයටත්, ඔහුගේ සහෝදරයන්ටත්, ඔහුගේ මිත්‍රයන්ටත් කරුණාව පෙන්නුවෙමි. එහෙත්, අද ඔබ මේ ස්ත්‍රිය සම්බන්ධයෙන් මට දොස් නඟන්නෙහි ය. Sinhala Revised Old Version එවිට අබ්නේර් ඊෂ්-බොෂෙත්ගේ වචන ගැන ඉතා කෝපවී: මම යූදාට අයිති බලු හිසක්ද? මම දාවිත් අතට නුඹ අසුකරනොදී, අද දක්වා නුඹේ පියවූ සාවුල්ගේ වංශයටත් ඔහුගේ සහෝදරයන්ටත් ඔහුගේ මිත්‍රයන්ටත් කරුණාව පෙන්වමි, එහෙත් අද නුඹ මේ ස්ත්‍රිය ගැන මා කෙරෙහි වරද පමුණුවයි. |
එවිට ශෙරුයාගේ පුත් අබිෂයි කතා කොට, “මෙවැනි බලු කුණක්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට දෙස් කියන්නේ මන් ද? ගොස් ඔහුගේ හිස ගසා දමන්නට මට අවසර ලැබේවා”යි කී ය.
තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,
දැන් එසේ කරන්න. මන්ද, ‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල්, පිලිස්තිවරුන්ගේ අතින් ද ඔවුන්ගේ සියලු සතුරන්ගේ අතින් ද මාගේ මෙහෙකරු වන දාවිත් ලවා මම ගළවාගනිමි’යි සමිඳාණන් වහන්සේ දාවිත් ගැන වදාරා තිබේ ය”යි පැවසී ය.
සමිඳාණන් වහන්සේ දාවිත්ට දිවුළ ලෙස, මම ඔහුට නොකෙළෙම් නම්, දෙවියන් වහන්සේ අබ්නේර්ට ඉතා තදින් දඬුවම් කරන සේක් වා!
පසු ගිය කාලයේ දී, සාවුල් අපේ රජ ව සිටි කාලයෙහි ඉශ්රායෙල්වරුන් සටනට ගෙන ගියේත්, ඔවුන් ආපසු ගෙනාවේත් ඔබ ම ය. සමිඳාණන් වහන්සේ ඔබට කතා කොට, ‘නුඹ මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරමින්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහි ය’යි වදාළ සේකැ”යි කීවෝ ය.
හසායෙල් ද කතා කොට, “බල්ලෙකු වැනි ඔබේ මෙහෙකරු මා ඒ බරපතල දේ කරන්නට ඔහු කවරෙක් දැ”යි ඇසී ය. එලිෂා කතා කොට, “ඔබ සිරියාවේ රජ වන බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි කී ය.
මිනිසාගේ උදහසින් පවා ඔබේ මහිමය වැඩි වන්නේ ය. ඒ උදහසින් මිදෙන අය ඔබේ මංගල්‍යය පවත්වන්නෝ ය.
නුඹ නින්දා කෙළේත්, අපහාස කෙළේත් කවරෙකුට ද කියා නුඹ සිතන්නෙහි ද? නුඹ නින්දා අපහාස කෙළේ වෙන කිසිවෙකුට නොව, ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් වන මට ය.
එවැනි අයගේ කුලිය වශයෙන් ගත් මිලමුදල් ද ඔබේ බාර ඔප්පු කිරීම සඳහා දෙවි සමිඳාණන් වහන්සේගේ ගෘහයට නොගෙනා යුතු ය. මේ දෙවර්ගයේ ම මුදල් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.
සාමුවෙල් ඔහුට කතා කරමින්, “සමිඳාණන් වහන්සේ අද ඉශ්රායෙල් රාජ්‍යය ඔබෙන් ගෙන ඉරා ඔබට වඩා යහපත් ඔබේ අසල්වැසියෙකුට දී තිබේ.
පිලිස්තියයා දාවිත්ට කතා කොට, “තෝ සැරයටිය රැගෙන මා ළඟට එන්නේ මා බල්ලෙකැ යි සිතා ද” කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස් කීවේ ය.