2 සාමුවෙල් 3:24 - Sinhala New Revised Version එවිට ජෝවාබ් රජතුමා ළඟට අවුත්, “ඔබ කෙළේ කුමක් ද? අබ්නේර් ඔබ ළඟට ආවේ ය; දැන් ඔහු පිට වී ගොස් ඇත; ඔබ එසේ ඔහුට යන්නට අවසර දුන්නේ මන් ද? Sinhala New Revised Version 2018 එවිට ජෝවාබ් රජතුමා ළඟට අවුත්, “ඔබ කෙළේ කුමක් ද? අබ්නේර් ඔබ ළඟට ආවේ ය; දැන් ඔහු පිට වී ගොස් ඇත; ඔබ එසේ ඔහුට යන්නට අවසර දුන්නේ මන් ද? Sinhala Revised Old Version එවිට යෝවාබ් රජ්ජුරුවන් ළඟට ඇවිත්: ඔබ කළේ කුමක්ද? අබ්නේර් ඔබ වෙතට ආයේය; ඔහු ගොහින් ඉවරය. ඔබ එසේ ඔහුට යන්ට හැරියේ මක්නිසාද? |
එහෙත්, ජෝවාබ් සහ ඔහු සමඟ සිටි මුළු සේනාව පැමිණි විට, “නේර්ගේ පුත් අබ්නේර් රජු ළඟට ආවේ ය; රජු ඔහුට අවසර දුන්නේ ය; ඔහු සාමදානයෙන් ගියේ ය”යි කී හ.
නේර්ගේ පුත් අබ්නේර් ඔබ රවටා, ඔබේ යාම් ඊම් ද ඔබ කරන සියල්ල ද දැනගන්න පිණිස ආවේ ය; ඔබ එය දන්නෙහි දැ”යි ඇසී ය.
මා රජු වශයෙන් අභිෂේක ලැබූ නමුත්, අද මම දුර්වල ව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයන් වන මේ මනුෂ්‍යයෝ මට වඩා බලවත් ය; නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක් වා”යි කීවේ ය.
එවිට අබ්නේර්, ඊෂ්-බොෂෙත්ගේ ප්‍රශ්නය ගැන ඉතා කෝප වී, “මම ජුදාට දාස වූ නරි බල්ලෙක් ද? මම දාවිත්ගේ අතට ඔබ අසු කරනොදී, අද දක්වා ඔබේ පියා වන සාවුල්ගේ වංශයටත්, ඔහුගේ සහෝදරයන්ටත්, ඔහුගේ මිත්‍රයන්ටත් කරුණාව පෙන්නුවෙමි. එහෙත්, අද ඔබ මේ ස්ත්‍රිය සම්බන්ධයෙන් මට දොස් නඟන්නෙහි ය.
එවිට බාලාක් බාලාම් අමතමින්, “ඔබ මට කළ මේ හදිය කුමක් ද? මා ඔබ කැඳවූයේ මාගේ සතුරන්ට සාප කිරීමට ය; එහෙත්, පුදුමයකි, ඔබ කර ඇත්තේ ඔවුන්ට ආසිරි පැතීමකි”යි කී ය.
පිලාත් පිළිතුරු දෙමින්, “මම ජුදෙව්වෙක් ද? නුඹේ ම ජාතිය ද නායක පූජකයෝ ද නුඹ මා අතට භාර දුන්හ. නුඹ කුමක් කෙළෙහි ද?”යි ඇසී ය.