රජ තෙමේ ජෝවාබ්ට ද තමා සමඟ සිටි සේනාපතීන්ට ද කතා කොට, “සෙනඟගේ ගණන මා දැනගන්න පිණිස, ඔබ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන් කරන්නැ”යි කී ය.
2 සාමුවෙල් 24:7 - Sinhala New Revised Version එතැනින් පවුරු ඇති තීර්ටත්, හිවීවරුන්ගේ ද කානානිවරුන්ගේ ද සියලු නගරවලටත් පැමිණ, ජුදාහි දකුණු දිශාවේ බෙයර්-ෂෙබා දක්වා ගියහ. Sinhala New Revised Version 2018 එතැනින් පවුරු ඇති තීර්ටත්, හිවීවරුන්ගේ ද කානානිවරුන්ගේ ද සියලු නගරවලටත් පැමිණ, ජුදාහි දකුණු දිශාවේ බෙයර්-ෂෙබා දක්වා ගියහ. Sinhala Revised Old Version එතනින් පවුරු ඇති තීර්ටත් හිවීවරුන්ගේද කානානිවරුන්ගේද සියලු නුවරවලටත් පැමිණියාහ. යූදාහි දකුණු දිශාවේ බෙයෙර්-ෂෙබා දක්වාද ගියෝය. |
රජ තෙමේ ජෝවාබ්ට ද තමා සමඟ සිටි සේනාපතීන්ට ද කතා කොට, “සෙනඟගේ ගණන මා දැනගන්න පිණිස, ඔබ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන් කරන්නැ”යි කී ය.
තීර් වනාහි බලකොටු සාදාගෙන ධූලි ගොඩ ගසන්නාක් මෙන් රිදී ද වීථිවල කුණු කසළ ගොඩ ගසන්නාක් මෙන් රන් ද රැස් කරගත්තේ ය.
තවද, නැගෙනහිරෙන් සහ බස්නාහිරෙනුත් විසූ කානානිවරුන්ට ද අමෝරිවරුන්ට ද හිත්තීවරුන්ට ද පෙරිස්සිවරුන්ට ද කඳු රටේ විසූ ජෙබුසිවරුන්ට ද මිශ්පා දේශයෙහි හෙර්මොන්ට පහළින් විසූ හිවීවරුන්ට ද පණිවුඩ යැව්වේ ය.
එතැනින් සීමාව රාමාට හැරී, පවුරු ඇති නගර වූ තීර්ට පැමිණ, හෝස් දෙසට හැරී අක්ශිබ් පළාතේ පටන් ගොස් මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.
ජොර්දානෙන් මෙගොඩ කඳු රටෙහි ද පහත රටෙහි ද මධ්‍යධරණි මුහුද අසබඩ මුළුල්ලෙහි ලෙබනොන් දක්වා ද විසූ හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද කානානිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද සියලු රජවරුන් ඒ ගැන ඇසූ කල,
එහෙත්, ඉශ්රායෙල් සෙනඟ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ අප අසල වාසය කරනු වන්නට පුළුවන. එසේ නම් අප ඔබ සමඟ ගිවිසුමක් කරගන්නේ කෙසේ දැ”යි හිවීවරුන්ගෙන් ඇසූ හ.
ඒ ජාතීහු නම්, පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත්, කානානිවරු සියලුදෙනාත්, සීදොන්වරුත්, බාල්-හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසය කළ හිවීවරුත් වෙති.