ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 22:31 - Sinhala New Revised Version

මේ දෙවිඳුන්ගේ මාර්ගය පරිපූර්ණ ය; සමිඳුන්ගේ වචන නිර්මල ය. තමන් සරණ යන අයට එතුමාණෝ පලිහක් වන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මේ දෙවිඳුන්ගේ මාර්ගය පරිපූර්ණ ය; සමිඳුන්ගේ වචන නිර්මල ය. තමන් සරණ යන අයට එතුමාණෝ පලිහක් වන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දෙවියන්වහන්සේගේ මාර්ගය වනාහි සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට පලිහක් වනසේක.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 22:31
18 හුවමාරු යොමු  

මාගේ පර්වතය වන දෙවිඳාණෝ ය; මම එතුමාණන් සරණ කරගනිමි. එතුමාණෝ මාගේ පලිහ ය; මාගේ ගැළවීමේ බලය ය; මාගේ බලකොටුව ය; මාගේ රක්ෂස්ථානය ය; මාගේ විමුක්තිදායකයාණෝ ය; ඔබ බලහත්කාරකමෙන් මා ගළවන සේක.


ඔබ ඉදිරියෙහි ඔහු විශ්වාසවන්ත ව සිටින බව දැක, ඔබ කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද දේශය දෙන්නට, ඔහුගේ වංශයට දෙන්නට ඔහු සමඟ ගිවිසුමක් කර ඔබේ පොරොන්දුව ඔබ ඉෂ්ට කළ සේක. කුමක් නිසා ද ඔබ ධර්මිෂ්ඨ ය.


දැනුම් තේරුම් ඇති භවතුනි, මෙය අසන්න. දෙවිඳාණෝ කිසිදාක වරදක් කරන සේක් ද? සව් බලැති උතුමාණෝ අයුත්තක් කරන සේක් ද?


ඔබේ පොරොන්දු සහතික ය. එබැවින් ඔබේ මෙහෙකරුවා ඒවාට ප්‍රේම කරයි.


කෝවෙහි සත්වරක් දමා උණු කරන ලද රිදී මෙන් සමිඳුන් බස් සුපිරිසිදු ය.


සමිඳාණෝ සැම අතින් ම සාධාරණ ය, එතුමන්ගේ සියලු ක්‍රියා දයාන්විත ය.


දෙවි මඟ සර්ව සම්පූර්ණ ය; සමිඳුන්ගේ වචනය තිරසර ය. සරණ පතා එන හැම අයට එතුමාණෝ පලිහකි.


මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි.


පලිහත්, මහා පලිහත් ගෙන මට පිහිට වුව මැනව.


අපේ පලිහ වන දෙවිඳුනි, බලනු මැනව. ඔබේ අභිෂේක ලත් තැනැත්තා දෙස කරුණා බැල්ම හෙළනු මැනව.


සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක; ඒවා ඔබේ රැකවරණ වන්නේ ය. එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණය ද පලිහ ද වන්නේ ය.


දෙවිඳුන්ගේ හැම කියමනක් ම අත්දුටු සත්‍යය වේ; දෙව් සරණ පතන අයට එතුමාණෝ පලිහක් වැනි ය.


දෙවියන් වහන්සේ කරන සියල්ල සදහට ම පවතින බව දනිමි. ඊට එක් කළ හැකි කිසිවක් නැත; ඉන් අඩු කළ හැකි කිසිවක් ද නැත. දෙවියන් වහන්සේ එය කර ඇත්තේ, මනුෂ්‍යයන් තමන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය දක්වන පිණිස ය.


අවුරුදු සත ගත වූ පසු, නෙබුකද්නෙශර් රජු වන මම මාගේ ඇස් ස්වර්ගය දෙස එසවීමි. මාගේ සිහිය මට නැවත ලැබුණේ ය. මම සදහට ම ජීවත් වන මහෝත්තමයාණන්ට ප්‍රශංසා කෙළෙමි; ගෞරව කෙළෙමි. මන්ද, එතුමාණන්ගේ පාලනය සදාතනික ය; එතුමාණන්ගේ රාජ්‍යය පරපුරෙන් පරපුරට පවත්නේ ය.


දැන් නෙබුකද්නෙශර් රජු වන මම ස්වර්ගයේ රජ්ජුරුවන් වහන්සේට ප්‍රශංසා කරමි, තුති පුදමි, ගරු කරමි, මන්ද, උන් වහන්සේගේ පොරො‍න්දු ඉෂ්ට වන්නේ ය. උන් වහන්සේගේ ක්‍රියා මාර්ග සාධාරණ ය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත් කරන්නට උන් වහන්සේට පුළුවන.


එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ ව සිටින්නාක් මෙන් ඔබ ද සර්ව සම්පූර්ණ වන්න.”


එතුමාණෝ පර්වතයාණෝ ය. එතුමන්ගේ ක්‍රියා පරිපූර්ණ ය; එතුමන්ගේ මාර්ග සාධාරණ ය. එතුමාණෝ අයුතුකමින් තොර ව වසන විශ්වාසී දෙවි කෙනෙකි. දැහැමි ව හා අවංක ව ද සිටින සේක.


ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ: “සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය. ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය.