Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 22:31 - Sinhala New Revised Version 2018

31 මේ දෙවිඳුන්ගේ මාර්ගය පරිපූර්ණ ය; සමිඳුන්ගේ වචන නිර්මල ය. තමන් සරණ යන අයට එතුමාණෝ පලිහක් වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 මේ දෙවිඳුන්ගේ මාර්ගය පරිපූර්ණ ය; සමිඳුන්ගේ වචන නිර්මල ය. තමන් සරණ යන අයට එතුමාණෝ පලිහක් වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 දෙවියන්වහන්සේගේ මාර්ගය වනාහි සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට පලිහක් වනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 22:31
18 හුවමාරු යොමු  

එතුමාණෝ පර්වතයාණෝ ය. එතුමන්ගේ ක්‍රියා පරිපූර්ණ ය; එතුමන්ගේ මාර්ග සාධාරණ ය. එතුමාණෝ අයුතුකමින් තොර ව වසන විශ්වාසී දෙවි කෙනෙකි. දැහැමි ව හා අවංක ව ද සිටින සේක.


දෙවිඳුන්ගේ හැම කියමනක් ම අත්දුටු සත්‍යය වේ; දෙව් සරණ පතන අයට එතුමාණෝ පලිහක් වැනි ය.


දෙවි මඟ සර්ව සම්පූර්ණ ය; සමිඳුන්ගේ වචනය තිරසර ය. සරණ පතා එන හැම අයට එතුමාණෝ පලිහකි.


එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ ව සිටින්නාක් මෙන් ඔබ ද සර්ව සම්පූර්ණ වන්න.”


ඔබේ පොරොන්දු සහතික ය. එබැවින් ඔබේ මෙහෙකරුවා ඒවාට ප්‍රේම කරයි.


කෝවෙහි සත්වරක් දමා උණු කරන ලද රිදී මෙන් සමිඳුන් බස් සුපිරිසිදු ය.


මාගේ පර්වතය වන දෙවිඳාණෝ ය; මම එතුමාණන් සරණ කරගනිමි. එතුමාණෝ මාගේ පලිහ ය; මාගේ ගැළවීමේ බලය ය; මාගේ බලකොටුව ය; මාගේ රක්ෂස්ථානය ය; මාගේ විමුක්තිදායකයාණෝ ය; ඔබ බලහත්කාරකමෙන් මා ගළවන සේක.


පලිහත්, මහා පලිහත් ගෙන මට පිහිට වුව මැනව.


සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක; ඒවා ඔබේ රැකවරණ වන්නේ ය. එතුමාණන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණය ද පලිහ ද වන්නේ ය.


අපේ පලිහ වන දෙවිඳුනි, බලනු මැනව. ඔබේ අභිෂේක ලත් තැනැත්තා දෙස කරුණා බැල්ම හෙළනු මැනව.


ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ: “සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය. ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය.


මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි.


ඔබ ඉදිරියෙහි ඔහු විශ්වාසවන්ත ව සිටින බව දැක, ඔබ කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද දේශය දෙන්නට, ඔහුගේ වංශයට දෙන්නට ඔහු සමඟ ගිවිසුමක් කර ඔබේ පොරොන්දුව ඔබ ඉෂ්ට කළ සේක. කුමක් නිසා ද ඔබ ධර්මිෂ්ඨ ය.


දැනුම් තේරුම් ඇති භවතුනි, මෙය අසන්න. දෙවිඳාණෝ කිසිදාක වරදක් කරන සේක් ද? සව් බලැති උතුමාණෝ අයුත්තක් කරන සේක් ද?


සමිඳාණෝ සැම අතින් ම සාධාරණ ය, එතුමාණන්ගේ සියලු ක්‍රියා දයාන්විත ය.


දෙවියන් වහන්සේ කරන සියල්ල සදහට ම පවතින බව දනිමි. ඊට එක් කළ හැකි කිසිවක් නැත; ඉන් අඩු කළ හැකි කිසිවක් ද නැත. දෙවියන් වහන්සේ එය කර ඇත්තේ, මනුෂ්‍යයන් තමන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය දක්වන පිණිස ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්