ශෙරුයාගේ පුත්‍රයන් තිදෙනා වන ජෝවාබ්, අබිෂයි සහ අසාහෙල් එහි සිටියහ. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් වේගයෙන් දිවීමේ ශූරතාව තිබුණේ ය.
2 සාමුවෙල් 2:19 - Sinhala New Revised Version අසාහෙල්, අබ්නේර් ලුහුබැඳ යනුයේ, දකුණට වත්, වමට වත් නොහැරී අබ්නේර් පස්සේ ගියේ ය. Sinhala New Revised Version 2018 අසාහෙල්, අබ්නේර් ලුහුබැඳ යනුයේ, දකුණට වත්, වමට වත් නොහැරී අබ්නේර් පස්සේ ගියේ ය. Sinhala Revised Old Version අසාහෙල් අබ්නේර් පස්සේ එළවාගන යනුයේ, දකුණටවත් වමටවත් නොහැරී අබ්නේර් පස්සේම ගියේය. |
ශෙරුයාගේ පුත්‍රයන් තිදෙනා වන ජෝවාබ්, අබිෂයි සහ අසාහෙල් එහි සිටියහ. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් වේගයෙන් දිවීමේ ශූරතාව තිබුණේ ය.
අබ්නේර්, “ඔබ දකුණට හෝ වමට හෝ හැරී, තරුණයන්ගෙන් එක් කෙනෙකු අල්ලාගෙන, ඔහුගේ ආයුධ පැහැරගන්නැ”යි ඔහුට කී ය. එහෙත්, අසාහෙල් ඔහු වෙතින් අහක් ව යන්නට කැමැති නො වී ය.
අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.
අබ්නේර් ගිබියොන්හි සටනේ දී, ජෝවාබ්ගේ සහ අබිෂයිගේ සහෝදර අසාහෙල් මැරූ නිසා, මෙසේ ඔව්හු අබ්නේර් මරාදැමූහ.
ජොෂියා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කොට, ආඥා අකුරට ම පිළිපැද තම පිය වූ දාවිත්ගේ මුළු මාර්ගයෙහි ගමන් කෙළේ ය.
මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.
එබැවින්, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන සියල්ල අකුරට ම පිළිපැදීමට තරයේ ම අධිෂ්ඨාන කරගන්න.