එවිට ජෝවාබ්, “ඔබ ගොස් දුටු දේ රජුට දන්වන්නැ”යි කුෂීය ජාතිකයාට කීවේ ය. ඔහු ජෝවාබ්ට වැඳ දිව්වේ ය.
2 සාමුවෙල් 18:22 - Sinhala New Revised Version එවිට ශාදොක්ගේ පුත් අහීමයාශ් යළිත් ජෝවාබ්ට කතා කොට, “කොහොම නුමුත්, මටත් ඒ කුෂීය ජාතිකයා පස්සේ දුවන්නට අවසර දුන මැනවැ”යි කීවේ ය. ජෝවාබ් ද, “මාගේ පුත්‍රය, ඔබ දුවන්නේ මන් ද? ඔබ ගෙනයන ආරංචියට ඔබට විපාකයක් ලැබෙන්නේ නැතැ”යි කීවේ ය. Sinhala New Revised Version 2018 එවිට ශාදොක්ගේ පුත් අහීමයාශ් යළිත් ජෝවාබ්ට කතා කොට, “කොහොම නුමුත්, මටත් ඒ කුෂීය ජාතිකයා පස්සේ දුවන්නට අවසර දුන මැනවැ”යි කීවේ ය. ජෝවාබ් ද, “මාගේ පුත්‍රය, ඔබ දුවන්නේ මන් ද? ඔබ ගෙනයන ආරංචියට ඔබට විපාකයක් ලැබෙන්නේ නැතැ”යි කීවේ ය. Sinhala Revised Old Version එවිට ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් නැවතත් යෝවාබ්ට කථාකොට: කොහොම නුමුත් මටත් කූශියයා පස්සේ දුවන්ට අවසර දුනමැනවැයි කීවේය. යෝවාබ්ද: මාගේ පුත්‍රය, නුඹට සෑහෙන ආරංචි නැති කොට දුවන්නේ මක්නිසාදැයි ඇසුවේය. |
එවිට ජෝවාබ්, “ඔබ ගොස් දුටු දේ රජුට දන්වන්නැ”යි කුෂීය ජාතිකයාට කීවේ ය. ඔහු ජෝවාබ්ට වැඳ දිව්වේ ය.
එහෙත් ඔහු, “කුමක් වෙතත් මම දුවමි”යි කීවේ ය. ජෝවාබ් ද, “එසේ නම් දුවන්නැ”යි ඔහුට කීවේ ය. එවිට අහීමයාශ් සමභූමියේ මාවතින් දුව ගොස් කුෂීය ජාතිකයා පසු කර ගියේ ය.
“තරුණ අබ්සලොම් සුව සේ සිටින්නේ දැ”යි රජ ඇසී ය. එවිට අහීමයාශ් පිළිතුරු දෙමින්, “ජෝවාබ් විසින් රජ්ජුරුවන්ගේ මෙහෙකරුවාත්, ඔබේ මෙහෙකරු වන මාත් එවනු ලබන විට මහා කෝලාහලයක් දිටිමි; එහෙත්, එය කිමෙක් දැ යි නොදන්නෙමි”යි පිළිතුරු දුන්නේ ය.
එවිට පාරාවෝ ඔහුට කතා කොට, “ඔබේ රටට යන්න හදන්නේ මා ළඟ ඔබට මොන හිඟයක් නිසා දැ”යි ඇසී ය. “හිඟයක් නැත, එහෙත්, කෙසේ වුව ද මට යන්නට අවසර දුන මැනව”යි ඔහු උත්තර දිනි.
තවද ඔවුන් සිය බුද්ධියෙහි දෙවියන් වහන්සේට තැනක් දීම නුසුදුසු යයි සිතූ බැවින්, නුසුදුසු දේ කරන පිණිස තමන්ගේ ම දූෂිත චේතනාවන්ට ගොදුරු වීමට දෙවියන් වහන්සේ ඉඩ හැරිය සේක.
අශික්ෂිත, මෝඩ කතා හා නීච කවටකම් යන මේවාත් සුදුසු නැත. ඒ වෙනුවට ස්තුති දීමේ වචන පවසන්න.