අහිතොපෙල් කුමන්ත්‍රණ කාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත්, “අහෝ සමිඳුනි, අහිතොපෙල්ගේ මන්ත්‍රණය අනුවණකමක් බවට හැරෙවුව මැනවැ”යි කී ය.
2 සාමුවෙල් 17:5 - Sinhala New Revised Version එවිට අබ්සලොම්, “දැන් අර්කීය ජාතික හූෂයිටත් අඬගසන්න; ඔහු කියන දේත් අසමු”යි කීවේ ය. Sinhala New Revised Version 2018 එවිට අබ්සලොම්, “දැන් අර්කීය ජාතික හූෂයිටත් අඬගසන්න; ඔහු කියන දේත් අසමු”යි කීවේ ය. Sinhala Revised Old Version එවිට අබ්සලොම්: දැන් අර්කීය හූෂයිටත් අඬගසන්න, ඔහු කියන දේත් අසමුයයි කීවේය. |
අහිතොපෙල් කුමන්ත්‍රණ කාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත්, “අහෝ සමිඳුනි, අහිතොපෙල්ගේ මන්ත්‍රණය අනුවණකමක් බවට හැරෙවුව මැනවැ”යි කී ය.
හූෂයි අබ්සලොම් වෙත ආ කල්හි අබ්සලොම් ඔහුට කතා කොට, අහිතොපෙල් කී සියල්ල ඔහුට කියා, “අහිතොපෙල්ගේ කීම ලෙස අපි කරමු ද? එසේ නැත්නම් ඔබ සිතන්නේ කුමක් දැ”යි ඇසී ය.
ඔවුන්ට කතා කොට, “ ‘ඔබේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනව’යි මට කී සෙනඟට මා උත්තර දෙන පිණිස ඔබ මන්ත්‍රණය කර කියන්නේ කුමක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.