Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 17:5 - Sinhala New Revised Version 2018

5 එවිට අබ්සලොම්, “දැන් අර්කීය ජාතික හූෂයිටත් අඬගසන්න; ඔහු කියන දේත් අසමු”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එවිට අබ්සලොම්, “දැන් අර්කීය ජාතික හූෂයිටත් අඬගසන්න; ඔහු කියන දේත් අසමු”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 එවිට අබ්සලොම්: දැන් අර්කීය හූෂයිටත් අඬගසන්න, ඔහු කියන දේත් අසමුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 17:5
6 හුවමාරු යොමු  

අබ්සලොම් ද මුළු ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ ද ඒ කීමට ප්‍රසන්න වූ හ.


හූෂයි අබ්සලොම් වෙත ආ කල්හි අබ්සලොම් ඔහුට කතා කොට, අහිතොපෙල් කී සියල්ල ඔහුට කියා, “අහිතොපෙල්ගේ කීම ලෙස අපි කරමු ද? එසේ නැත්නම් ඔබ සිතන්නේ කුමක් දැ”යි ඇසී ය.


අහිතොපෙල් කුමන්ත්‍රණ කාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත්, “අහෝ සමිඳුනි, අහිතොපෙල්ගේ මන්ත්‍රණය අනුවණකමක් බවට හැරෙවුව මැනවැ”යි කී ය.


ඔවුන්ට කතා කොට, “ ‘ඔබේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනව’යි මට කී සෙනඟට මා උත්තර දෙන පිණිස ඔබ මන්ත්‍රණය කර කියන්නේ කුමක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්