එවිට රජ, “බලන්න, මෙපිබොෂෙත්ට අයිති සියල්ල ඔබට අයිති වේවා”යි ශීබාට පැවසී ය. ශීබා ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ ගරු බුහුමන් පිළිගත මැනව; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා”යි කී ය.
2 සාමුවෙල් 16:3 - Sinhala New Revised Version එවිට රජ, “ඔබේ ස්වාමියාගේ පුත්‍රයා කොහේ දැ”යි ඇසුවේ ය. ශීබා පිළිතුරු දෙමින්, “බලන්න, ඔහු ජෙරුසලමේ නැවතී සිටියි; මන්ද, ‘ඉශ්රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය මට දෙනු ඇත’ කියා ඔහු කීවේ ය”යි රජුට පිළිතුරු දුන්නේ ය. Sinhala New Revised Version 2018 එවිට රජ, “ඔබේ ස්වාමියාගේ පුත්‍රයා කොහේ දැ”යි ඇසුවේ ය. ශීබා පිළිතුරු දෙමින්, “බලන්න, ඔහු ජෙරුසලමේ නැවතී සිටියි; මන්ද, ‘ඉශ්රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය මට දෙනු ඇත’ කියා ඔහු කීවේ ය”යි රජුට පිළිතුරු දුන්නේ ය. Sinhala Revised Old Version එවිට රජ: නුඹේ ස්වාමියාගේ පුත්‍රයා කොතනදැයි ඇසුවේය. ශීබාද: ඔහු යෙරුසලමෙහි නැවතී සිටියි. මක්නිසාද–ඉශ්‍රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය නැවත මට දෙනවා ඇත කියා ඔහු කීවායයි රජුට කීවේය. |
එවිට රජ, “බලන්න, මෙපිබොෂෙත්ට අයිති සියල්ල ඔබට අයිති වේවා”යි ශීබාට පැවසී ය. ශීබා ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ ගරු බුහුමන් පිළිගත මැනව; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා”යි කී ය.
සිය අසල්වැසියාට විරුද්ධ ව රහසින් අපවාද දොඩන්නා මම වනසන්නෙමි; උඩඟු බැල්ම හා අහංකාර සිත ඇත්තා මම නුරුස්සන්නෙමි.
ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය.
මාගේ හිත මිතුරු අසල්වාසීන් පවා ඔබ මා වෙතින් දුරු කළ සේක. මාගේ එක ම හිත මිතුරා නම් අඳුර වේ.
ඔබේ අසල්වැසියා වත්, හිතවත් මිතුරා වත් විශ්වාස නොකරන්න. ඔබේ භාර්යාවගෙන් වුව ද කට ප්‍රවේසම් කරගන්න.
අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.