ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනවුත්, දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි, එය තැබූ හ. දාවිත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කෙළේ ය.
2 සාමුවෙල් 15:25 - Sinhala New Revised Version රජ ශාදොක්ට කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව යළිත් නගරයට ගෙන යන්න. සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි මට කරුණාව ලැබුණොත්, උන් වහන්සේ යළිත් මා ගෙනවුත් ගිවිසුම් කරඬුවත්, එය තබා තිබෙන ස්ථානයත් මට පෙන්වනු ඇත. Sinhala New Revised Version 2018 රජ ශාදොක්ට කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව යළිත් නගරයට ගෙන යන්න. සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි මට කරුණාව ලැබුණොත්, උන් වහන්සේ යළිත් මා ගෙනවුත් ගිවිසුම් කරඬුවත්, එය තබා තිබෙන ස්ථානයත් මට පෙන්වනු ඇත. Sinhala Revised Old Version රජ ශාදොක්ට කථාකොට: දෙවියන්වහන්සේගේ පෙට්ටිය නැවත නුවරට ගෙනියන්න. ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබුණොත් උන්වහන්සේ නැවත මා ගෙනැවිත් ඒකත් එහි වාසස්ථානයත් මට පෙන්වනවා ඇත. |
ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනවුත්, දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි, එය තැබූ හ. දාවිත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කෙළේ ය.
එසේ සිටින අතර රජතුමා නාතාන් නම් දිවැසිවරයාට කතා කොට, “මෙන්න, මම දැන් කිහිරි ගෙයක වසමි; එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක් ඇතුළේ තිබේ ය”යි කීවේ ය.
ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි.
ඔබ මිදු ජනතාව කුළුණු බරින් ගෙන ගිය සේක; බලය පාමින් ඔබ ශුද්ධ නිවසට ඔවුන්ට මඟ පෙන්වූ සේක.
මෝසෙස් සමිඳාණන් වහන්සේ අමතා, “බැලුව මැනව, ‘මේ සෙනඟ ගෙන යන්නැ’යි ඔබ මට කියන නමුත් මා සමඟ යවන්නේ කවරෙක් ද කියා ඔබ මට නොදැන්වූ සේක. තවද, ‘මම නුඹ හොඳින් හඳුනමි. මා ඉදිරියෙහි නුඹ ද අනුග්‍රහය ලැබුවෙහි ය’යි කියා ඇත.
දැන් ඉතින් කරුණාකර, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලැබුවෙම් නම්, මා ඔබ හොඳින් දැනහැඳිනගෙන, ඔබේ අනුග්‍රහය නොකඩවා ලබන පරිදි ඔබේ සැලසුම් දැන් මට පෙන්වුව මැනව. මේ ජාතිය ද ඔබේ ම සෙනඟ බව සිහි කළ මැනව”යි කී ය.
“ජෙරමියා, මා නුඹට කී සියලු දේ නුඹ ඔවුන්ට ප්‍රකාශ කළ යුතු ය. ඔවුන්ට මෙසේ දිවැස් වැකි කියන්න: ‘සමිඳාණන් වහන්සේ උසස් ස්ථානයේ සිට ගර්ජනා කොට, තමන්ගේ ශුද්ධ වාසස්ථානයේ සිට හඬ නඟන සේක. උන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව බලවත් ලෙස ගර්ජනා කරන සේක. මුද්‍රික පල මඬින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධ ව ඝෝෂාවක් කරන සේක;
‘මෙය සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය’යි කියන රැවටිලි වචන විශ්වාස නොකරන්න.