ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 15:23 - Sinhala New Revised Version

මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැන ම මිනිස්සු මහා හඬින් ඇඬූ හ. රජු කිද්‍රොන් නම් ඔයෙන් එගොඩ වූ පසු සියලු සෙනඟ ද පාළුකරය බලා යන මාර්ගය දිගේ ගියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැන ම මිනිස්සු මහා හඬින් ඇඬූ හ. රජු කිද්‍රොන් නම් ඔයෙන් එගොඩ වූ පසු සියලු සෙනඟ ද පාළුකරය බලා යන මාර්ගය දිගේ ගියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැනම මිනිස්සු මහත් හඬින් ඇඬුවෝය. රජ තෙමේ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩව ගියේය, මුළු සෙනඟද කාන්තාරයට යන මාර්ගය දෙසට එගොඩව ගියෝය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 15:23
12 හුවමාරු යොමු  

දාවිත් ද, “ගොස් එගොඩ වන්නැ”යි ඉත්තයිට කී ය. එවිට ගිත්තීය ජාතික ඉත්තයි ද ඔහුගේ සියලු මිනිස්සු ද ඔහුගේ පිරිවර ද එගොඩ වූ හ.


මෙන්න, මට දන්වන්නට ඔබෙන් ආරංචි ලැබෙන තුරු මම පාළුකරයේ සමභූමිවල නවතින්නෙමි”යි කී ය.


“මේවා මොනවාට දැ”යි රජ ශීබාගෙන් ඇසී ය. ශීබා ද, “කොටළුවන්, රජ්ජුරුවන්ගේ පවුලේ අයට නැඟී යන පිණිස ය; රොටි හා පලතුරු තරුණයන්ට කන්නටත්, මුද්‍රික පානය පාළුකරයේ දී වෙහෙසෙන්නන්ට බොන්නටත් ය”යි පිළිතුරු දුන්නේ ය.


සිය මව වන මයකා අෂේරා කප් කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින්, ඔහු ඈ මව් බිසෝකමෙන් අහක් කර, ඒ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟ දී එය පුළුස්සා දැමී ය.


ඔබ පිටතට ගොස් කිද්‍රොන් ඔයෙන් එතෙර වන දවසේ දී ඔබ නසිනවා ම ඇතැ යි දැනගන්න. ඇරත්, ඔබේ මරණය සම්බන්ධ ව ඔබ ම වැරදිකරු වනු ඇතැ”යි ඔහුට කීවේ ය.


පූජකයෝ උන් වහන්සේගේ මාලිගාව පිරිසිදු කරන පිණිස එහි ඇතුළට ගොස් උන් වහන්සේගේ මාලිගාවෙහි සම්බ වූ සියලු අපිරිසිදු දේ ඒ මාලිගාවේ මළුවට ගෙනාවෝ ය. ලෙවීවරු ඒවා කිද්‍රොන් ඔයට ගෙන ගියහ.


මළකඳන් හා අළු දමන මුළු මිටියාවත ද කිද්‍රොන් මිටියාවත දක්වා ද නැගෙනහිර තිබෙන අශ්ව දොරටුවේ කොන දක්වා ද සියලු පිට්ටනි ස්වාමීන් වන මට ශුද්ධ වන්නේ ය. නගරය කිසි කලෙක උදුරනු නොලබන්නේ ය. හෙළාදමනු නොලබන්නේ ය.”


ඒ දවස්වල දී ස්නාවක ජොහන් අවුත්, ජුදයේ පාළුකරයෙහි දේශනා කරමින්,


කුමක් හෙයින් ද යත්: “ ‘ සමිඳුන්ගේ මාවත පිළියෙළ කරන්න; එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ’යි පාළුකරයෙහි මොරගා කියන හඬක් ය”යි, දිවැසිවර යෙසායා පැවසුවේ මොහු ගැන ය.


දරුවා වැඩී, ආත්මානුභාවයෙන් බලවත් ව තමන් ඉශ්රායෙල්ට ප්‍රකාශවන දිනය දක්වා පාළුකරයෙහි සිටියේ ය.


ජේසුස් වහන්සේ යාච්ඤාව නිම කළ පසු, සිය ශ්‍රාවකයන් සමඟ කිද්‍රොන් ඇළෙන් එගොඩට වැඩිය සේක. එහි උයනක් විය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එයට පිවිසි සේක.


ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න, ශෝක වන්නන් සමඟ ශෝක වන්න.