ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 15:11 - Sinhala New Revised Version

තවද, කැඳවන ලද මිනිස්සු දෙසියයක් අබ්සලොම් සමඟ ජෙරුසලමට ගියහ. ඔව්හු කිසිවක් නො‍දැන, අවංක සිතින් ගියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, කැඳවන ලද මිනිස්සු දෙසියයක් අබ්සලොම් සමඟ ජෙරුසලමට ගියහ. ඔව්හු කිසිවක් නො‍දැන, අවංක සිතින් ගියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද කැඳවනලද මනුෂ්‍යයන් දෙසියයක් අබ්සලොම් සමඟ යෙරුසලමෙන් ගියෝය; ඔව්හු කිසිවක් නොදැන තමුන්ගේ අවංකකමින් ගියෝය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 15:11
8 හුවමාරු යොමු  

ආබ්‍රහම් පවා ඈ තමාගේ සහෝදරී යැයි කීවා නොවේ ද? ඈ වුව ද ඔහු ඇගේ සහෝදරයා ය යි කීවා ය. මා මෙය කෙළේ හෘදය සාක්ෂියට එකඟ ව අවංක සිතකිනි”යි කී ය.


නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි; උගතා තම පියවර හොඳින් විමසා බලයි.


නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි. එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි.


“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.


මා ඔහු උදෙසා දෙවියන් වහන්සේගෙන් විමසන්න පටන්ගත්තේ මේ දවසේ පමණක් ද? කොහෙත් ම නැත. රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරු වූ මා කෙරෙහි වත්, මාගේ ඥාතීන් කිසිවෙකු කෙරෙහි වත් වරද නොතබත් වා. මන්ද, ඔබේ මෙහෙකරුවා මේ කැරලි ගැසීම ගැන කිසිවක් නොදන්නේ ය”යි කීවේ ය.


ඔබ නුවරට ඇතුළු වූ වහා ම කෑම කන පිණිස කඳු මත පූජාස්ථානයට ඇතුළු වීමට මත්තෙන් ඔහු සම්බ වනු ඇත. මන්ද, ඔහු පූජාවට ආශීර්වාද කරන බැවින් ඔහු එන තුරු සෙනඟ කන්නේ නැත. කැඳවන ලද්දන් කෑම කන්නේ ඉන්පසු ය. ඒ නිසා යන්න; මේ වේලාවට ඔහු ඔබට සම්බ වනු ඇතැ”යි කීවෝ ය.