එකල අබ්සලොම්, “එසේ නම්, මාගේ සහෝදර අම්නොන්ට අප සමඟ යන්නට අවසර ලැබේවා”යි කී ය. “ඔහු ඔබ සමඟ යන්නේ කුමට දැ”යි රජු ඇසී ය.
2 සාමුවෙල් 13:27 - Sinhala New Revised Version එහෙත්, අබ්සලොම් ඔහුට පෙරැත්ත කෙළෙන්, අම්නොන්ට ද රජුගේ සියලු පුත්‍රයන්ට ද ඔහු සමඟ යන්නට ඉඩ දුන්නේ ය. Sinhala New Revised Version 2018 එහෙත්, අබ්සලොම් ඔහුට පෙරැත්ත කෙළෙන්, අම්නොන්ට ද රජුගේ සියලු පුත්‍රයන්ට ද ඔහු සමඟ යන්නට ඉඩ දුන්නේ ය. Sinhala Revised Old Version නුමුත් අබ්සලොම් ඔහුට පෙරැත්ත කෙළේය, එවිට ඔහු අම්නොන්ද රජුගේ සියලු පුත්‍රයන්ද ඔහු සමඟ යන්ට ඉඩදුන්නේය. |
එකල අබ්සලොම්, “එසේ නම්, මාගේ සහෝදර අම්නොන්ට අප සමඟ යන්නට අවසර ලැබේවා”යි කී ය. “ඔහු ඔබ සමඟ යන්නේ කුමට දැ”යි රජු ඇසී ය.
අබ්සලොම් තමාගේ වැඩකාරයන්ට අණ කරමින්, “අම්නොන් මුද්‍රික පානය බී විනෝද සිතින් සිටින කල, ‘අම්නොන්ට පහර දෙන්නැ’යි මා ඔබට කී විට, ඔහු මරාදමන්න; බිය නොවන්න; ඔබට අණ කරන්නේ මම නොවෙම් ද? ධෛර්යවත් ව ද බලසම්පන්න ව ද සිටින්නැ”යි කී ය.