ඔහු රජු වෙත අවුත් කතා කොට, “ඔබේ මෙහෙකරුවාට බැටළු ලොම් කපන්නෝ සිටිති; ඉතින් රජු ද තමන්ගේ සේවකයන් ද ඔබේ මෙහෙකරුවා සමඟ අව මැනවැ”යි කී ය.
2 සාමුවෙල් 13:25 - Sinhala New Revised Version රජ ද පිළිතුරු දෙමින්, “නැත, මාගේ පුත්‍රය, අපි සියල්ලෝ ම නොඑන්නෙමු; ආවොත් ඔබට බරක් වනු ඇතැ”යි අබ්සලොම්ට කී ය. අබ්සලොම් පෙරැත්ත කළ නමුත්, රජ යන්නට කැමැති නොවී, ඔහුට ආශීර්වාද කොට පිටත් කර හැරියේ ය. Sinhala New Revised Version 2018 රජ ද පිළිතුරු දෙමින්, “නැත, මාගේ පුත්‍රය, අපි සියල්ලෝ ම නොඑන්නෙමු; ආවොත් ඔබට බරක් වනු ඇතැ”යි අබ්සලොම්ට කී ය. අබ්සලොම් පෙරැත්ත කළ නමුත්, රජ යන්නට කැමැති නොවී, ඔහුට ආශීර්වාද කොට පිටත් කර හැරියේ ය. Sinhala Revised Old Version රජද: නෑ, මාගේ පුත්‍රය, අපි සියල්ලෝම නොඑන්නෙමුව, ආවොත් නුඹට බරක් වේයයි අබ්සලොම්ට කීවේය. ඔහු පෙරැත්තකළ නුමුත් ඔහු යන්ට කැමති නොවීය, නුමුත් ඔහුට ආශීර්වාද කෙළේය. |
ඔහු රජු වෙත අවුත් කතා කොට, “ඔබේ මෙහෙකරුවාට බැටළු ලොම් කපන්නෝ සිටිති; ඉතින් රජු ද තමන්ගේ සේවකයන් ද ඔබේ මෙහෙකරුවා සමඟ අව මැනවැ”යි කී ය.
එකල අබ්සලොම්, “එසේ නම්, මාගේ සහෝදර අම්නොන්ට අප සමඟ යන්නට අවසර ලැබේවා”යි කී ය. “ඔහු ඔබ සමඟ යන්නේ කුමට දැ”යි රජු ඇසී ය.
ජෝවාබ් මුණින්තළා වී වැඳ රජුට ස්තුති කොට, “රජ්ජුරුවන් තමන්ගේ මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ට කළ නිසා, රජතුමනි, ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබෙන බව ඔබේ මෙහෙකරුවා දැන් දන්නේ ය”යි කී ය.
එවිට ස්වාමියා දාසයාට කතා කොට, ‘මහ මාවත්වලට ද දෙවටවලට ද යව, මාගේ ගෙය පිරී යන තරම් සෙනඟට එන්නට බල කරව, ‘යි කී ය.
එවිට ඔව්හු: “දවස ගෙවී සවස් වේගන එන බැවින්, අප සමඟ නතර වුව මැනවැ”යි උන් වහන්සේට පෙරැත්ත කළහ. උන් වහන්සේ ඔවුන් සමඟ නතර වීමට ගෙට ඇතුළු වූ සේක.
ඈ ද ඇගේ ගෙයි වැසියන් ද බව්තීස්ම-ස්නාපනය ලැබූ පසු, ඈ කතා කොට, “මම සැබැවින් ම සමිඳාණන් වහන්සේ අදහන කෙනෙකැ යි ඔබ පිළිගන්නවා නම්, මාගේ ගෙදරට අවුත් එහි නැවතුණ මැනවැ”යි අපෙන් උදක් ම ඉල්ලා, අප කැමැති කරවා ගත්තා ය.
කෙත අයිතිකාර බෝවස් ම බෙත්ලෙහෙමේ සිට එහි පැමිණියේ ය. “සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වේ වා!”යි කියමින් ඔහු ගොයම් කපන්නන්ට ආචාර කෙළේ ය. ඔව්හු ද, “ඔබටත් දෙවි සමිඳාණන් වහන්සේ ආශීර්වාද කරන සේක් වා!”යි පිළිතුරු දුන්හ.