ස්ත්‍රිය ද මෙසේ කීවා ය: “එසේ වී නම්, ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟට විරුද්ධ ව එබඳු දෙයක් කරන්නට කල්පනා කෙළේ මන් ද? ඔබ පන්නා දැමූ ඔබේ පුත්‍රයාට ආපසු එන්නට ඉඩ දී නැත. එබැවින් ඔබ කී දෙයින් ම ඔබ වරදකරුවෙක් වන්නෙහි ය.
2 සාමුවෙල් 12:7 - Sinhala New Revised Version එවිට නාතාන් දාවිත්ට මෙසේ කීවේ ය: “ඒ මිනිසා ඔබ තමයි; එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹ ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කර, මම ම නුඹ සාවුල් අතින් ගළවා ගතිමි. Sinhala New Revised Version 2018 එවිට නාතාන් දාවිත්ට මෙසේ කීවේ ය: “ඒ මිනිසා ඔබ තමයි; එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹ ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කර, මම ම නුඹ සාවුල් අතින් ගළවා ගතිමි. Sinhala Revised Old Version එවිට නාතාන් දාවිත්ට කථාකොට: ඒ මනුෂ්‍යයා නුඹය. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකර මමම නුඹ සාවුල් අතින් ගළවාගතිමි. |
ස්ත්‍රිය ද මෙසේ කීවා ය: “එසේ වී නම්, ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟට විරුද්ධ ව එබඳු දෙයක් කරන්නට කල්පනා කෙළේ මන් ද? ඔබ පන්නා දැමූ ඔබේ පුත්‍රයාට ආපසු එන්නට ඉඩ දී නැත. එබැවින් ඔබ කී දෙයින් ම ඔබ වරදකරුවෙක් වන්නෙහි ය.
සමිඳාණන් වහන්සේ දාවිත්ගේ සියලු සතුරන් අතින් ද සාවුල් අතින් ද ඔහු මුදාගත් කල ඔහු සමිඳාණන් වහන්සේට ගැයූ ගීයේ වචන මෙසේ ය:
මාගේ සතුරන්ගෙන් මා මුදාගන්න දෙවියන් වහන්සේ ය. එසේ ය, මට විරුද්ධ ව නැඟී සිටින්නාට වඩා ඔබ මා උසස් කරන සේක; සැහැසි මිනිසුන්ගෙන් මා ගළවන සේක.
“එබැවින්, මාගේ මෙහෙකරු දාවිත්ට මෙසේ කියන්නැ යි සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් පස්සේ යාමෙන් ද මම නුඹ කැඳවාගතිමි.
‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔබ ගොස් ජෙරොබෝවම්ට කියන්න: ‘මම සෙනඟ අතරෙන් නුඹ උසස්කර, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත්කර,
ඔහු උත්තර දෙමින්, “මා නොව ඔබ සහ ඔබේ පියාගේ වංශය සමිඳාණන් වහන්සේගේ ආඥා අත්හැර, බාල් දේවතාවා පසුපස ගිය කාරණය නිසා ඔබ හැම ඉශ්රායෙල් ජනයා කැළඹුවහු ය.
එහෙත්, ඔබේ මෙහෙකරුවා නොයෙක් කටයුතු කරන අතර ඔහු සැඟවී ගියේ ය”යි කීවේ ය. ඉශ්රායෙල් රජ, “ඔබේ තීන්දුව එසේ ම වන්නේ ය. ඔබ ම ඒක තීන්දු කෙළෙහි ය”යි කීවේ ය.
ඔහු රජුට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මා විසින් මරණයට නියම කරන ලද මිනිසා නුඹ නිදහස් කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණය ද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟ ද දෙන්න වේ යැ’ ”යි කීවේ ය.
“ඔබ වර්ධනය වී බලවත් ව සිටින්නෙහි ය. ඔබේ උතුම්කම වැවී, අහස දක්වා නැඟී ඇත. ඔබේ පාලනය පොළොවේ සීමාන්තයන් දක්වා පැතිර ගොස් ඇත.
උන් වහන්සේ ගොඩ බැස, විශාල ජනකායක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පා කොට, ඔවුන්ගේ රෝගීන් සුවපත් කළ සේක.
එවිට සාමුවෙල් සාවුල්ට මෙසේ කීයේ ය: “ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ ආඥා ඔබ රක්ෂා කෙළේ නැත. ඔබ ඒවා රක්ෂා කෙළෙහි නම්, සමිඳාණන් වහන්සේ ඔබේ පරම්පරාවට ඉශ්රායෙල් කෙරෙහි සදහට ම රජකම් කරන්නට සලස්වන සේක.
එවිට සාමුවෙල් මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබ සුළු කෙනෙකැ යි ඔබ ම සිතූ නමුත්, ඔබ ඉශ්රායෙල් ගෝත්‍ර කෙරෙහි නායකයා කරනු ලැබුවා නොවේ ද? සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට ඔබ අභිෂේක කළ සේක.
එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඒ තැනැත්තා ඔහුගේ සහෝදරයන් ඉදිරියෙහි අභිෂේක කෙළේ ය. එදින පටන් සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය දාවිත් කෙරෙහි පිහිටිණි. සාමුවෙල් නැඟිට ආපසු රාමා නගරයට ගියේ ය.
“මම දාවිත් බිත්තියට ම ඇණ තබමි”යි සිතා ඔහු හෙල්ලය දාවිත් දෙසට දෙවරක් විසි කෙළේ ය. දාවිත් අහකට පැන බේරුණේ ය.
එවිට සාවුල්, “මම මීකල් දාවිත්ට දෙන්නෙමි. ඈ උගුලක් අටවා පිලිස්තිවරුන් ලවා ඔහු මරවනු ඇතැ”යි අදහස් කරගෙන, දෙ වන වතාවටත් දාවිත්ට කතා කොට, “ඔබ අද මාගේ බෑණා වන්නට ඕනෑ ය”යි කීවේ ය.
ශිප් පාළුකරය අසබඩ තිබූ කඳුකරයෙහි දාවිත් සැඟවී සිටියේ ය. සාවුල් හැමදා ම ඔහු සෙවුවේ ය. එහෙත්, දෙවියන් වහන්සේ සාවුල් අතට ඔහු පාවා නුදුන් සේක.
දාවිත් කෙයිලාට ආ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් කතා කරමින්, “දෙවියන් වහන්සේ දාවිත් මා අතට පාවා දී ඇත. මන්ද, ඔහු වාසල් දොරවල් ද අගුල් ද ඇති නුවරකට ඇතුළු වීමෙන් අසු වී සිටී”යි කීවේ ය.