Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 12:6 - Sinhala New Revised Version

6 ඔහු මේ ක්‍රියාව කළ බැවින් ද අනුකම්පාව නො‍දැක්වූ බැවින් ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙකු දිය යුතු ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔහු මේ ක්‍රියාව කළ බැවින් ද අනුකම්පාව නො‍දැක්වූ බැවින් ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙකු දිය යුතු ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 12:6
7 හුවමාරු යොමු  

“යමෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම් කොට ඌ මරන්නේ ද නැත්නම් ඌ විකුණන්නේ ද එවිට ඔහු ගොනෙකු වෙනුවට ගොනුන් පස්දෙනෙකු බැගින් ද, බැටළුවෙකු වෙනුවට බැටළුවන් හතරදෙනෙකු බැගින් ද වන්දි ගෙවිය යුතු ය.


සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය.


ඔහු අසුවුණොත් සත් ගුණයක් වන්දි ගෙවීමට සිදු වෙයි; සිය නිවසෙහි මුළු වත්කම ද දෙන්නට වෙයි.


දයාව නොපෙන්වූ තැනැත්තාට දයා විරහිත විනිශ්චයක් පැමිණෙන්නේ ය. දයාව, විනිශ්චය පසුබා ජය ගනී.


වළ අයිතිකරු අලාභය ගෙවමින් උන්ගේ අයිතිකරුට මුදල් දිය යුතු ය. එහෙත් මළ සතා ඔහුට අයිති වෙත්.


යමක් ගැන බොරුවට දිවුළ සියල්ල ද ආපසු දිය යුතු ය. ඔහු ගත් දේ සම්පූර්ණයෙන් ම දිය යුතු අතර, ඊට වැඩිමනත් පහෙන් පංගුවක් එකතු කොට දිය යුතු ය. තවද, ඔහු වරදකාරයා වූ දිනයේ දී ම එලෙස සියල්ල අයිතිකරුට දිය යුතු ය.


ඔවුන්ගේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු ද ගෙවල් ද මුදල්වලටත් ධාන්‍යවලටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් ඔබ ඔවුන්ගෙන් අය කරන සියයෙන් කොටස ද අද ම ඔවුන්ට ආපසු දෙන්නැ”යි කීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්