තුන්වරක් ළමයා පිට දිගා වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “මාගේ දෙවි සමිඳාණන් වහන්සේ, මේ ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණෙව්ව මැනවැ”යි කීවේ ය.
2 රාජාවලිය 4:35 - Sinhala New Revised Version එවිට ඔහු හැරී අවුත් ගෙයි එහා මෙහා ඇවිද, නැවත ඇඳට නැඟී ගොස් ඔහු පිට පෙර ලෙස ම සත් වරක් දිගාවුණේ ය. එවිට ළමයා කිඹිහුම් ඇර ඇස් ඇරියේ ය. Sinhala New Revised Version 2018 එවිට ඔහු හැරී අවුත් ගෙයි එහා මෙහා ඇවිද, නැවත ඇඳට නැඟී ගොස් ඔහු පිට පෙර ලෙස ම සත් වරක් දිගාවුණේ ය. එවිට ළමයා කිඹිහුම් ඇර ඇස් ඇරියේ ය. Sinhala Revised Old Version එවිට ඔහු හැරී ඇවිත් ගෙයි එහා මෙහා වරක් ඇවිද නැවත නැගී ගොස් ඔහු පිට දිගාවුණේය. එවිට ළමයා සත්වරක් කිඹිස ඇස් ඇරියේය. |
තුන්වරක් ළමයා පිට දිගා වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “මාගේ දෙවි සමිඳාණන් වහන්සේ, මේ ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණෙව්ව මැනවැ”යි කීවේ ය.
සමිඳාණන් වහන්සේ එලියාගේ හඬට සවන් දුන් සේක. ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණ ඔහු ජීවත් වුණේ ය.
“ඔබ ගොස් මුහුද දෙස බලන්නැ”යි තම වැඩකාරයාට කී ය. ඔහු ගොස් බලා අවුත්, “කිසිවක් නැතැ”යි කී විට, “නැවත සත්වරක් යන්නැ”යි ඔහු කීවේ ය.
මිනිසුන් මිනියක් වළලන්නට යන විට හමුදාවක් දැක එලිෂාගේ සොහොන් ගෙයි ඒ මිනිය දැමූ හ. ඒ මිනිය එලිෂාගේ ඇටවල තැවරුණු හැටියේ ම පණ ලැබ නැඟිට සිටියේ ය.
ඔහු ගෙහාසී කැඳවා, “ඒ ෂුනම්මිය ස්ත්‍රියට අඬගසන්නැ”යි කී ය. ඔහු ඈට අඬගැසී ය. ඈ ඔහු ළඟට ආ කල, “ඔබේ පුත්‍රයා ගන්නැ”යි ඔහු කී ය.
එලිෂා කතා කොට, “ඔබ ගොස් ජොර්දාන් ගඟෙහි සත් වරක් නාන්න; එවිට ඔබේ කුෂ්ඨය සුව වී ඔබේ ශරීරය නැවත පවිත්‍ර වන්නේ ය”යි පණිවුඩකාරයෙකු අත කියා යැවී ය.
එවිට ඔහු බැස ගොස් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ කීම ලෙස ජොර්දාන් ගඟෙහි සත් වරක් ගිලී ස්නානය කෙළේ ය. ඔහුගේ ශරීරය ද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය.
තවද, එලිෂා විසින් නැවත පණ දෙන ලද ළමයාගේ මවුට ඔහු කතා කොට, “ඔබේ ගෙවැසියන් සමඟ ඔබ පිටත් ව ගොස් ඔබට නැවතී සිටින්න පුළුවන් තැනක සිටින්න. මන්ද, සමිඳාණන් වහන්සේ සාගතයක් නියම කර තිබේ. එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනු ඇතැ”යි කී ය.
ඔහු විසින් මළ කෙනෙකු ජීවත් කරනු ලැබූ සැටි රජුට කියන විට ම බලන්න, එසේ ඔහු විසින් නැවත පණ දෙන ලද ළමයාගේ මවු තමාගේ ගෙය සහ ඉඩම ගැන රජුට පැමිණිලි කරමින් සිටියා ය. ගෙහාසී කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මේ සිටින්නේ ඒ ස්ත්‍රිය ය; මේ සිටින්නේ එලිෂා විසින් නැවත පණ දෙන ලද ඇගේ පුත්‍රයා ය”යි කී ය.
එවිට ඇගේ ප්‍රාණය නැවත ආයේ ය. ඈ එකෙණෙහි ම නැඟිට්ටා ය. ඇයට යමක් කන්න දෙන ලෙස උන් වහන්සේ අණ කළ සේක.
පේදුරු ඔවුන් සියල්ලන් බැහැර කර, දණින් වැටී යාච්ඤා කර, මෘත දේහය දෙසට හැරී, “තබිතා, නැඟිටින්නැ”යි කී ය. එවිට ඈ ඇස් ඇර, පේදුරු දැක, හිඳගත්තා ය.