Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 18:43 - Sinhala New Revised Version

43 “ඔබ ගොස් මුහුද දෙස බලන්නැ”යි තම වැඩකාරයාට කී ය. ඔහු ගොස් බලා අවුත්, “කිසිවක් නැතැ”යි කී විට, “නැවත සත්වරක් යන්නැ”යි ඔහු කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 “ඔබ ගොස් මුහුද දෙස බලන්නැ”යි තම වැඩකාරයාට කී ය. ඔහු ගොස් බලා අවුත්, “කිසිවක් නැතැ”යි කී විට, “නැවත සත්වරක් යන්නැ”යි ඔහු කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

43 නුඹ ගොස් මුහුද දෙස බලන්නැයි තමාගේ වැඩකාරයාට කීවේය. ඔහු ගොස් බලා ඇවිත්: කිසිවක් නැතැයි කීවේය. නැවත සත්වරක් යන්නැයි ඔහු කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 18:43
11 හුවමාරු යොමු  

එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය.


සෑමවිට ම, මුළු සිතින් යාච්ඤාවේ ද අයැදීමේ ද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්න. මේ කරුණ නිසා නිතර අවදි ව නොකඩ ව දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා, යාච්ඤා කරන්න.


දෙවියන් වහන්සේත්, දිවා රෑ දෙක්හි තමන් හට අයැදින, තමන් තෝරාගත් අය ගැන යුක්තිය ඉටු නොකරන සේක් ද? උන් වහන්සේ ඔවුන් ගැන බොහෝ නොඉවසන සේක් ද?


තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක:


සමිඳුනි, අලුයම මාගේ යැදුමට සවන් දෙනු මැනව; අරුණ’ලු එන කල පූජා පුද කොට ඔබ එන තුරු බලා සිටින්නෙමි.


ඒ තැනැත්තා ද, “පහන් වේගන එන බැවින් මට යන්න හරින්නැ”යි කී විට ජාකොබ්, “ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි”යි උත්තර දුනි.


ආහබ් කන බොන පිණිස හැරී ගියේ ය. එලියා කර්මෙල්‍ කන්ද මුදුනට නැඟී, බිම වැටී දණහිස් දෙක අතරේ මුහුණ තබාගෙන,


සත් වන වර ඔහු කතා කොට, “මිනිසෙකුගේ අතක් වැනි කුඩා වලාකුළක් මුහුදින් නැඟී එන්නේ ය”යි කීවේ ය. ඔහු ද, “ ‘වැස්ස ඔබ නොවළක්වන පිණිස ඔබේ රථය සූදානම් කරගෙන ගිය මැනව’ කියා ඔබ ගොස් ආහබ්ට කියන්නැ”යි දැන්වී ය.


පූජකවරුන් සත්දෙනෙකු බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් යා යුතු ය. සත් වන දවසේ දී සත්වරක් නුවර වටේට ගමන් කරන්න; පූජකවරු ද හොරණෑ පිඹිත් වා!


එවිට ඔහු හැරී අවුත් ගෙයි එහා මෙහා ඇවිද, නැවත ඇඳට නැඟී ගොස් ඔහු පිට පෙර ලෙස ම සත් වරක් දිගාවුණේ ය. එවිට ළමයා කිඹිහුම් ඇර ඇස් ඇරියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්