සමිඳාණන් වහන්සේගේ බලය එලියා පිට පැමිණි නිසා, ඔහු සිය ඉඟටිය වටා වූ වස්ත්‍රය අල්ලාගෙන ආහබ්ට පෙරටු ව ජෙශ්‍රෙයෙල් නගරයට ඇතුළු වන තැන දක්වා දිවී ය.
2 රාජාවලිය 3:15 - Sinhala New Revised Version “දැන් ඉතින් වීණා වාදකයෙකු මා ළඟට ගෙනෙන්නැ”යි කී ය. වීණා වාදකයා වාදනය කරද්දී සමිඳාණන් වහන්සේගේ බලය එලිෂා පිට පැමිණියේ ය. Sinhala New Revised Version 2018 “දැන් ඉතින් වීණා වාදකයෙකු මා ළඟට ගෙනෙන්නැ”යි කී ය. වීණා වාදකයා වාදනය කරද්දී සමිඳාණන් වහන්සේගේ බලය එලිෂා පිට පැමිණියේ ය. Sinhala Revised Old Version දැන් ඉතින් වීණාකාරයෙකු මා ළඟට ගෙනෙන්නැයි කීවේය. වීණාකාරයා ගායනා කරද්දී ස්වාමීන්වහන්සේගේ හස්තය එලිෂා පිටට පැමිණියේය. |
සමිඳාණන් වහන්සේගේ බලය එලියා පිට පැමිණි නිසා, ඔහු සිය ඉඟටිය වටා වූ වස්ත්‍රය අල්ලාගෙන ආහබ්ට පෙරටු ව ජෙශ්‍රෙයෙල් නගරයට ඇතුළු වන තැන දක්වා දිවී ය.
බබිලෝනියේ කෙබාර් ගං තෙර බුසීගේ පුත් එසකියෙල් නම් පූජකයා වෙත සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පැමිණියේ ය. සමිඳාණන් වහන්සේගේ ආනුභාවය ද එහි දී ඔහු පිට විය.
මෙලෙස ආත්මානුභාවයාණෝ මා ඔසවාගෙන ගියහ. දුකින් හා උදහසින් පිරුණු සිතකින් මම පිටත් ව ගියෙමි. සමිඳාණන් වහන්සේගේ බලය මා කෙරෙහි බලවත් ලෙස පැමිණියේ ය.
එවිට, සමිඳාණන් වහන්සේගේ බලය එහි දී මා පිට පැමිණියේ ය. උන් වහන්සේ කතා කොට, “නැඟිට මිටියාවතට යන්න. එහි දී නුඹ සමඟ කතා කරන්නෙමි”යි මට වදාළ සේක.
තවද, හය වන අවුරුද්දේ හය වන මාසයේ පස් වන දින මා මාගේ ගෙදර ද ජුදාහි ප්‍රජා මූලිකයන් මා ඉදිරියෙහි හිඳගෙන ද සිටින කල මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ බලය එහි දී මා කෙරෙහි පැමිණියේ ය.
සමිඳාණන් වහන්සේගේ බලය ඔවුන් මත පහළ විය. එකල විශාල සංබ්‍යාවක් අදහාගෙන සමිඳාණන් වහන්සේ වෙතට හැරුණාහ.
ඉන්පසු ඔබ පිලිස්තිවරුන්ගේ මුර හමුදාව සිටින ගිබියාහි ඇති දෙවියන් වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහි ය. ඔබ එහි නුවරට ඇතුළු වන විට දිවැසිවරු කණ්ඩායමක් තමන්ට පෙරටුව වීණාවක් ද රබානක් ද නළාවක් ද කුඩා වීණාවක් ද ඇති ව ධර්ම වාක්‍ය පවසමින්, නටමින් ද ඝෝෂා කරමින් ද ගිරිකුළුවලින් බැස එනු ඔබට සම්බවන්නේ ය.
ඒ නිසා දක්ෂ වීණාකාරයෙකු සොයන පිණිස අපේ ස්වාමීන්ගේ සේවකයන් වන අපට අණ කළ මැනව. එවිට දෙවියන් වහන්සේ එවන දුෂ්ටාත්මය ඔබට ආවේශ වූ කල, ඔබට සුව සහනය ලැබෙන පිණිස ඔහු වාදනය කරනු ඇතැ”යි කීවෝ ය.
එතැන් පටන් දෙවියන් වහන්සේ සාවුල්ට දුෂ්ටාත්මයක් ආවේශ කළ විට දාවිත් වීණාව රැගෙන වාදනය කෙළේ ය. එයින් සාවුල්ට සුව සහනය ලැබී දුෂ්ටාත්මය ඔහුගෙන් පහ ව ගියේ ය.
පසු දා දෙවියන් වහන්සේගෙන් දුෂ්ටාත්මයක් සාවුල්ට ආවේශ විය. ඔහු නිවෙස ඇතුළේ පිස්සෙකු මෙන් දෙඩෙවුවේ ය. දාවිත් පෙර ලෙස වීණාව වාදනය කරන විට සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබිණි.