ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා, “ ‘මේ වතුර පිරිසිදු කෙළෙමි’යි කියාත්, ‘මින්පසු එයින් මරණය වත්, ගබ්සාවීම වත් නොවන්නේ ය’ කියාත් සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.
2 රාජාවලිය 3:12 - Sinhala New Revised Version ජෙහෝෂාපාට් කතා කොට, “ඔහු සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පවත්වන්නේ ය”යි කී ය. මෙසේ ඉශ්රායෙල් රජ ද ජෙහෝෂාපාට් ද ඒදොම්හි රජ ද ඔහු ළඟට ගියහ. Sinhala New Revised Version 2018 ජෙහෝෂාපාට් කතා කොට, “ඔහු සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පවත්වන්නේ ය”යි කී ය. මෙසේ ඉශ්රායෙල් රජ ද ජෙහෝෂාපාට් ද ඒදොම්හි රජ ද ඔහු ළඟට ගියහ. Sinhala Revised Old Version යෙහෝෂාපාට්ද: ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙත තිබේයයි කීය. මෙසේ ඉශ්‍රායෙල් රජද යෙහෝෂාපාට්ද ඒදොම්හි රජද ඔහු ළඟට ගියෝය. |
ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා, “ ‘මේ වතුර පිරිසිදු කෙළෙමි’යි කියාත්, ‘මින්පසු එයින් මරණය වත්, ගබ්සාවීම වත් නොවන්නේ ය’ කියාත් සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.
ජුදා රජු වන ජෙහෝෂාපාට් කතා කොට, “අප විසින් සමිඳාණන් වහන්සේගෙන් විචාරනු ලබන පිණිස උන් වහන්සේගේ දිවැසිවරයෙක් මෙහි නැද්දැ”යි ඇසී ය. එවිට ඉශ්රායෙල් රජුගේ සේවකයෙක් උත්තර දෙමින්, “එලියාගේ අත්වලට වතුර වත් කළ, ශාපාත්ගේ පුත් එලිෂා මෙහි සිටී ය”යි කී ය.
එලිෂා ඉශ්රායෙල් රජුට කතා කොට, “මා සමඟ ඔබට ඇති ගනුදෙනුව කුමක් ද? ඔබේ පියාගේ දිවැසිවරුන් ළඟටත්, ඔබේ මවුගේ දිවැසිවරුන් ළඟටත් ගිය මැනැවැ”යි කී ය. ඉශ්රායෙල් රජ ද, “එසේ නොවේ වා. මන්ද, සමිඳාණන් වහන්සේ මෝවබ්වරුන් අතට පාවා දෙන පිණිස මේ රජුන් තුන්දෙනා වන අප ගෙන්වූ සේකැ”යි ඔහුට කී ය.
එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හැරී අවුත්, ඔහු ඉදිරියේ සිට කතා කොට, “ඉතින් ඉශ්රායෙල්හි සිටින දෙවියන් වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවි කෙනෙකුන් නැති බව දැන් මම දනිමි. එබැවින් දැන් ඔබේ මෙහෙකරුවාගෙන් තෑගි පිළිගත මැනවැ”යි කී ය.
රජවරු නුඹ ඇතිදැඩි කරන පියවරුන් මෙන් වෙති. බිසෝවරු නුඹේ කිරි මවුවරුන් මෙන් වෙති. ඔව්හු මුණින්තලා වී නුඹට වැඳ නුඹේ පාදවල ධූලි ලෙව කන්නෝ ය. එවිට මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය. මා කෙරෙහි විශ්වාස කරන අයගේ බලාපොරොත්තු කඩ නොවන්නේ ය.”
නුඹට පීඩා කළ අයගේ පුත්‍රයන් දණින් වැටී නුඹ වෙත පැමිණෙනු ඇත. නුඹ හෙළා දැක්ක සියල්ලන් ද නුඹේ පාමුල වැඳ වැටෙනු ඇත. ඔවුන් නුඹට, ‘සමිඳුන්ගේ නගරය’ කියාත්, ‘සියොන් නම් ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නුවර ය’ කියාත් කියනු ඇත.
“සමිඳාණන් වහන්සේගෙන් පණිවුඩයක් තිබේ දැ”යි තමාගේ මාලිගාවේ දී රහසින් ඔහුගෙන් ඇසුවේ ය. ජෙරමියා ද, “පණිවුඩයක් තිබේ. ඔබ බබිලෝනියේ රජුගේ අතට අසු වන්නෙහි ය”යි කීවේ ය.
බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.