Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 5:15 - Sinhala New Revised Version

15 එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හැරී අවුත්, ඔහු ඉදිරියේ සිට කතා කොට, “ඉතින් ඉශ්රායෙල්හි සිටින දෙවියන් වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවි කෙනෙකුන් නැති බව දැන් මම දනිමි. එබැවින් දැන් ඔබේ මෙහෙකරුවාගෙන් තෑගි පිළිගත මැනවැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හැරී අවුත්, ඔහු ඉදිරියේ සිට කතා කොට, “ඉතින් ඉශ්රායෙල්හි සිටින දෙවියන් වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවි කෙනෙකුන් නැති බව දැන් මම දනිමි. එබැවින් දැන් ඔබේ මෙහෙකරුවාගෙන් තෑගි පිළිගත මැනවැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හැරී ඇවිත් ඔහු ඉදිරියේ සිට කථාකොට: ඉතින් ඉශ්‍රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි. එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවාගෙන් සතුටු පඬුරක් පිළිගත මැනවැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 5:15
25 හුවමාරු යොමු  

රජතුමා දානියෙල්ට කතා කොට, “නුඹට රහස එළිදරව් කිරීමට හැකි වූයේ, සැබැවින් ම ඔබේ දෙවියන් වහන්සේ දේවාතිදේව රාජාතිරාජ වූ අබිරහස් එළිදරව් කරන දෙවියන් වහන්සේ වන බැවිනි”යි කී ය.


එබැවින්, ඔබ පොරොන්දු වී ඇති දීමනාව කල් තියා සූදානම් කරන පිණිස, මට පෙරටුව යන මෙන් සහෝදරයන්ගෙන් ඉල්ලීම අවශ්‍ය යයි සිතුවෙමි. එවිට, ඒ දීමනාව බල කිරීම නිසා දෙන දෙයක් නොව ත්‍යාගශීලී ව දෙන්නක් බව පැහැදිලි වනු ඇත.


මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දමිටු බවට පැමිණෙන්නේ ය; මුවින් පැවසීමෙන් ගළවනු ලබන්නේ ය.


“එබැවින්, සියලු ජනයෙනි, ෂද්‍රක්ගේත්, මේෂක්ගේත්, අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට විරුද්ධ ව දොස් කියන යම් කෙනෙකුට හෝ ජාතියකට හෝ භාෂාවකට හෝ අයත් යමෙක් වේ නම්, ඔහු කැබලි කොට ඔහුගේ ගේ-දොර කසළ ගොඩක් කරන හැටියට මම නියමයක් කරමි. මන්ද, මේ ආකාරයෙන් ගළවාගන්නට පුළුවන් අන් දෙවි කෙනෙක් නැත.”


මා එසේ කරන්නේ, මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිස ය. මම සමිඳාණන් වහන්සේ ය, මා හැර අන් දෙවි කෙනෙක් නැත.


මාගේ සෙනඟෙනි, බිය නොවන්න; තැති නොගන්න. පුරාණයේ සිට අද දක්වා සිදු වන්නට යන දේ කල්තියා මා ප්‍රකාශ කළ බව නුඹලා දන්නහු ය. නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය; වෙන දෙවි කෙනෙක් සිටිත් ද? පර්වතයක් වන බලවත් අන් දෙවි කෙනෙකු ගැන අසා ඇද් ද? නැත.”


ඉශ්රායෙල් රජු ද එහි මිදුම්කාරයාණන් ද වන සව් බලැති සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම ආරම්භයත්, අවසානයත් වන්නෙමි; මා හැර අන් දෙවි කෙනෙක් නැත.


ඉශ්රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලිෂා අසා, “ඔබ කුමක් නිසා ඔබේ ඇඳුම් ඉරාගන්නෙහි ද? ඔහු මා ළඟට ආවා වේ. එවිට ඔහු ඉශ්රායෙල්හි දිවැසිවර කෙනෙකු සිටින බව දැනගන්නේ ය”යි රජුට කියා යැවී ය.


සවස යාගය ඔප්පු කරන වේලාවේ දිවැසිවර එලියා ළං වී කතා කොට, “ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස ඔබ ඉශ්රායෙල් හි දෙවියන් වහන්සේ බව ද මා ඔබේ සේවකයා බව ද මා මේ දෙය කෙළේ, ඔබේ වචනය ලෙස බව ද අද ඔවුන්ට දැනගන්නට ලැබේ වා!


ඉතින් ඔබේ මෙහෙකාරී වන මා විසින් මාගේ ස්වාමියා වන ඔබට ගෙනෙන ලද මේ තෑග්ග මාගේ ස්වාමියා වන ඔබ පස්සේ යන තරුණයන්ට දුන මැනව.


ඔව්හු පිළිතුරු දෙමින් මෙසේ කී හ: “ඔබේ දාසයන් වන අපි ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ගැන අසා බොහෝ දුර රටකින් ආවෙමු. උන් වහන්සේගේ කීර්තිය ද උන් වහන්සේ මිසරයේ කළ සියල්ල ද


අවුරුදු සත ගත වූ පසු, නෙබුකද්නෙශර් රජු වන මම මාගේ ඇස් ස්වර්ගය දෙස එසවීමි. මාගේ සිහිය මට නැවත ලැබුණේ ය. මම සදහට ම ජීවත් වන මහෝත්තමයාණන්ට ප්‍රශංසා කෙළෙමි; ගෞරව කෙළෙමි. මන්ද, එතුමාණන්ගේ පාලනය සදාතනික ය; එතුමාණන්ගේ රාජ්‍යය පරපුරෙන් පරපුරට පවත්නේ ය.


එබැවින්, කරුණාකර ඔබ වෙත ගෙනා මාගේ තිළිණය පිළිගන්න. මන්ද, දෙවියන් වහන්සේ මට කරුණා පෑ බැවින් මට උවමනා තරම් ඇතැ”යි කියා ඔහුට පෙරැත්ත කළෙන් ඒසව් එය බාරගත්තේ ය.


ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, “මුළු දේශය ඔබ හැමට දෙන්නටත්, ඔබ හැම ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශ කරදමන්නටත්, ඔබ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු මෝසෙස්ට අණ කළ බව අපට දැනගන්නට ලැබුණ බැවින්, ඔබ විසින් මරනු ලබනු ඇත යන බියෙන් අපි මෙසේ කෙළෙමු.


එවිට සාවුල් වැඩකාරයාට කතා කොට, “අපි යන්නෙමු නම්, ඒ මිනිසාට කුමක් ගෙන යමු ද? අපේ භාජනවල තිබුණු කෑම දැන් ඉවර ය; දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට ගෙන යන්නට කිසි තෑග්ගක් නැත. අප ළඟ කුමක් තිබේ දැ”යි ඇසුවේ ය.


රජ ද, “මා සමඟ ගෙදරට පැමිණ විඩා හැරගන්න; ඔබට තුටු පඬුරක් දෙමි”යි ඒ මනුෂ්‍යයාට කීවේ ය.


උන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කරමින්, “කෙරුබ්වරුන් අතර වැඩ වසන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ ම, ඔබ පමණක් ම, දෙවියන් වහන්සේ ය; ඔබ අහසත්, පොළොවත් මැවූ සේක.


එබැවින් අපේ දෙවියන් වහන්ස, ඔබ ම, ඔබ පමණක් ම, ස්වාමීන් වන දෙවියන් වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍ය දැනගන්න පිණිස ඔහුගේ අතින් අප ගැළෙව්ව මැනව”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්