පූජක හිල්කියාටත්, ෂාපාන්ගේ පුත් අහිකාම්ටත්, මීකායාගේ පුත් අක්බොර්ටත්, ලේකම් වන ෂාපාන්ටත්, රජුගේ සේවකයා වන අසායාටත් අණ කොට,
2 රාජාවලිය 25:22 - Sinhala New Revised Version ඔහු ජුදා දේශයෙහි ඉතිරි ව සිටි, බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ඉතිරි කර ගිය සෙනඟගේ අධිපතියා කොට ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියා පත් කෙළේ ය. Sinhala New Revised Version 2018 ඔහු ජුදා දේශයෙහි ඉතිරි ව සිටි, බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ඉතිරි කර ගිය සෙනඟගේ අධිපතියා කොට ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියා පත් කෙළේ ය. Sinhala Revised Old Version තවද ඔහු යූදා දේශයෙහි ඉතුරුව සිටියාවූ, බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් ඉතුරුකර ගියාවූ සෙනඟ කෙරෙහි ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා අධිපතියා කොට පත්කෙළේය. |
පූජක හිල්කියාටත්, ෂාපාන්ගේ පුත් අහිකාම්ටත්, මීකායාගේ පුත් අක්බොර්ටත්, ලේකම් වන ෂාපාන්ටත්, රජුගේ සේවකයා වන අසායාටත් අණ කොට,
එහෙත්, සත් වන මාසයේ දී රාජ වංශයේ එලිෂාමාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මනුෂ්‍යයන් දසදෙනෙකුත් සමඟ අවුත් ගෙදලියාටත්, මිශ්පාහි ඔහු සමඟ සිටි ජුදෙව්වරුන්ටත්, කල්දිවරුන්ටත් පහර දී මරාදැමී ය.
තවද, රජ හිල්කියාට ද ෂාපාන්ගේ පුත් අහිකාම්ට ද මීකාගේ පුත් අබ්දොන්ට ද ලේකම් වන ෂාපාන්ට ද රජුගේ සේවකයා වන අසායාට ද අණ කොට,
ජෙරමියා මරන පිණිස සෙනඟගේ අතට පාවා දෙනු නොලැබුවේ, ෂාපාන්ගේ පුත් අහිකාම්ගේ සහය ඔහුට තිබුණු බැවිනි.
ජෙරමියා රැකවල් මළුවෙන් ගෙන්වාගෙන ඔහු ගෙදරට ගෙන යන පිණිස ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර කළෝ ය. ජෙරමියා සෙනඟ අතරේ වාසය කෙළේ ය.
සත් වන මාසයේ දී රාජ වංශයට අයිති වූ, රජුගේ අධිපතියන්ගෙන් කෙනෙකු වන එලිෂාමාගේ පුත් නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද ඔහු සමඟ මිනිසුන් දසදෙනෙක් ද මිශ්පාහි සිටි අහිකාම්ගේ පුත් ගෙදලියා වෙත පැමිණියෝ ය. එහි ඔව්හු මිශ්පාහි දී එක් ව කෑම කෑවෝ ය.
එසේ කෙළේ, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත් කරන ලද අහිකාම්ගේ පුත් ගෙදලියාව මැරූ බැවින් ඔවුන්ට බිය වූ නිසා ය.
එවිට නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත් කළා වූ ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියාට කඩුවෙන් පහර දී ඔහු මැරුවෝ ය.
එහෙත්, කාරේයාගේ පුත් ජොහානාන් සහ සේනාවල අධිපතීහු ද විජාතීන් අතරට පන්නනු ලැබූ නමුත්, ජුදා දේශයෙහි සිටීමට ඒ සියලු ජාතීන් අතරෙන් හැරී ආ ඉතිරි ව සිටි සියලු ජුදෙව්වරුන් වන,