2 රාජාවලිය 25:23 - Sinhala New Revised Version23 බබිලෝනියේ රජු ගෙදලියා ආණ්ඩුකාරයා කොට පත් කළ බව සේනාවල සියලු අධිපතීන් ද ඔවුන්ගේ මිනිසුන් ද ඇසූ විට ඔව්හු එනම්, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරියාගේ පුත් ජෝහානාන් ද නෙටොපාතිය තන්හුමෙත්ගේ පුත් සෙරායා ද මයකාති-යයාගේ පුත් ජාශනියා ද ඔවුන්ගේ මිනිසුන් ද මිශ්පා නගරයෙහි සිටි ගෙදලියා වෙත ආ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 බබිලෝනියේ රජු ගෙදලියා ආණ්ඩුකාරයා කොට පත් කළ බව සේනාවල සියලු අධිපතීන් ද ඔවුන්ගේ මිනිසුන් ද ඇසූ විට ඔව්හු එනම්, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරියාගේ පුත් ජෝහානාන් ද නෙටොපාතිය තන්හුමෙත්ගේ පුත් සෙරායා ද මයකාති-යයාගේ පුත් ජාශනියා ද ඔවුන්ගේ මිනිසුන් ද මිශ්පා නගරයෙහි සිටි ගෙදලියා වෙත ආ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 බබිලෝනියේ රජු විසින් ගෙදලියා ආණ්ඩුකාරයා කොට පත්කළ බව සේනාවල සියලු අධිපතීන්ද ඔවුන්ගේ මිනිසුන්ද ඇසූ විට ඔව්හු එනම් නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද කාරියාගේ පුත්‍රවූ යෝහානාන්ද නෙටොපාතිය තන්හුමෙත්ගේ පුත්‍රවූ සෙරායාද මයකාතියයාගේ පුත්‍රවූ යාශනියාද ඔවුන්ගේ මිනිස්සුද ගෙදලියා ළඟට මිශ්පාට ආවෝය. පරිච්ඡේදය බලන්න |
ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටිය දී, නෙබුසරදාන් ඔහු අමතා “බබිලෝනියේ රජු ජුදා නගරයේ ආණ්ඩුකාරකමට පත් කළ, ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට හැරී ගොස්, ඔබ ඔහු සමඟ සෙනඟ අතරෙහි වාසය කරන්න. නැත්නම් ඔබට යන්න පහසු යයි පෙනෙන කොතැනට නමුත් යන්නැ”යි කීවේ ය. තවද, රැකවලුන්ගේ අධිපතියා ඔහුට සෑහෙන ආහාරත්, තෑග්ගකුත් දී ඔහු යන්නට හැරියේ ය.