ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 24:16 - Sinhala New Revised Version

සත්දහසක් වූ සියලු යුද්ධ භටයන් ද ශිල්පීන් සහ ආචාරීන් දහසක් ද වන යුද්ධ කරන සියලු බලවන්තයෝ බබිලෝනියේ රජු විසින් විප්‍රවාසයට බබිලෝනියට ගෙන යන ලදහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සත්දහසක් වූ සියලු යුද්ධ භටයන් ද ශිල්පීන් සහ ආචාරීන් දහසක් ද වන යුද්ධ කරන සියලු බලවන්තයෝ බබිලෝනියේ රජු විසින් විප්‍රවාසයට බබිලෝනියට ගෙන යන ලදහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සත් දහසක් වූ සියලු යුද්ධකාරයන්ද කර්මාන්තකාරයන් සහ ආචාරීන් දහසක්ද වන යුද්ධකරන සියලු බලවන්තයන් බබිලෝනියේ රජ හිරගණනේ බබිලෝනියට ගෙනගියේය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 24:16
8 හුවමාරු යොමු  

ඔහු ජෙරුසලම් වැසියන් ද සියලු අධිපතීන් ද සියලු යුද්ධ භටයන් ද වන දසදහස්දෙනෙකු සහ සියලු ශිල්පීන් ද ආචාරීන් ද විප්‍රවාසයට ගෙන ගියේ ය. දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතිරි නො වූ හ.


එහෙත්, මිදි වතු වවන්නටත්, ගොවිතැන් කරන්නටත් රැකවලුන්ගේ අධිපතියා දේශයේ ඉතා දිළිඳුන්ගෙන් සමහරෙකු ඉතිරි කොට ගියේ ය.


මෙසේ සියලු ඉශ්රායෙල්වරු පෙළපත් වශයෙන් ලියවුණෝ ය. ඒවා ඉශ්රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. ජුදාවරු තමන්ගේ ද්‍රෝහිකම් නිසා බබිලෝනියට ගෙන යන ලද්දෝ ය.


නුඹේ ප්‍රාණය හානි කරන්නට සොයන්නන් අතටත්, නුඹ බියෙන් සිටි අයගේ අතටත් එනම්, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතටත්, ඔවුන්ගේ හේවායින් අතටත් මම නුඹ පාවා දෙමි.


ඔහු එය ලියුවේ ජෙකොනියා රජු ද මවු බිසව ද නපුංසකයන් ද ජුදා හා ජෙරුසලමේ අධිපතීන් ද කම්මල්කාරයන් ද ලෝහකරුවන් ද ජෙරුසලමෙන් පිටත් ව ගිය පසු ය.


නෙබුකද්නෙශර් අල්ලාගෙන ගිය සෙනඟගේ ගණන මෙසේ ය: හත් වන අවුරුද්දේ දී ජුදෙව්වරු තුන්දහස් විසිතුන්දෙනෙකි.


“ඔහු රාජ වංශයේ කෙනෙකු ගෙන, ඔහු සමඟ ගිවිසුමක් කොට, ඔහු විශ්වාස ව සිටින බවට දිවුරුම් ගත්තේ ය. ඉක්බිති ඔහු දේශයේ ප්‍රධානීන් ගෙන ගියේ ය.


‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි පවසන්න. ‘විශාල පියාපත් ද දිග පිහාටු ද නා නා පැහැ ඇති පිහාටු රැසකින් ද විසිතුරු වූ යෝධ රාජාලියෙක් ලෙබනොන්ට අවුත් කිහිරි ගහේ මුදුන කඩා ගත්තේ ය.