Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 24:16 - Sinhala Revised Old Version

16 සත් දහසක් වූ සියලු යුද්ධකාරයන්ද කර්මාන්තකාරයන් සහ ආචාරීන් දහසක්ද වන යුද්ධකරන සියලු බලවන්තයන් බබිලෝනියේ රජ හිරගණනේ බබිලෝනියට ගෙනගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 සත්දහසක් වූ සියලු යුද්ධ භටයන් ද ශිල්පීන් සහ ආචාරීන් දහසක් ද වන යුද්ධ කරන සියලු බලවන්තයෝ බබිලෝනියේ රජු විසින් විප්‍රවාසයට බබිලෝනියට ගෙන යන ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 සත්දහසක් වූ සියලු යුද්ධ භටයන් ද ශිල්පීන් සහ ආචාරීන් දහසක් ද වන යුද්ධ කරන සියලු බලවන්තයෝ බබිලෝනියේ රජු විසින් විප්‍රවාසයට බබිලෝනියට ගෙන යන ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 24:16
8 හුවමාරු යොමු  

නෙබුකද්රෙශර් විසින් අල්ලාගන ගිය සෙනඟ නම්: හත්වෙනි අවුරුද්දේදී යුදෙව්වරුන් තුන්දාස් විසිතුන් දෙනෙක්ය.


අනාගතවක්තෘවූ යෙරෙමියා විසින්, අසුවී ගියාවූ වැඩිමහල්ලන්ගෙන් ඉතුරු තැනැත්තන්ටද පූජකයන්ටද අනාගතවක්තෘවරුන්ටද නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙන් බබිලෝනියට අල්ලාගන ගිය මුළු සෙනඟටද ලියා,


ඔහු මුළු යෙරුසලමද සියලු අධිපතීන්ද සියලු යුද්ධකාරයන්ද වන දසදහස් දෙනෙක් සහ සියලු කර්මාන්තකාරයන්ද ආචාරීන්ද හිරගණනට ගෙන ගියේය; දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතුරු නොවීය.


නුඹේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් නුඹ භයවෙන අයින් අතටත්, එනම් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් කල්දිවරුන් අතටත් මම නුඹ පාවාදී,


ඔහු රාජ වංශයේ කෙනෙක් ගෙන, ඔහු සමඟ ගිවිසුමක් කොට, ඔහු දිවුරවා, දේශයේ බලවන්තයන් ගෙනගියේය.


නුමුත් මිදිවතු වවන්ටත් ගොවිතැන් කරන්ටත් රැකවලුන්ගේ අධිපතියා දේශයේ ඉතා දිළිඳුන්ගෙන් සමහරෙක් ඉතුරුකොට ගියේය.


මෙසේ මුළු ඉශ්‍රායෙල් පෙළපත් වශයෙන් ලියවුණෝය; ඒවා ඉශ්‍රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. යූදාවරු තමුන්ගේ ද්‍රෝහිකම නිසා බබිලෝනියට ගෙනයනලද්දෝය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. මහත් පියාපත්ද දිග පිහාටුද ඇත්තාවූ, පිහාටුවලින් ගැවසීගත්තාවූ, විසිතුරුවූ මහ රාජාලියෙක් ලෙබනොන්ට ඇවිත් කිහිරි ගහේ මුදුන කඩාගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්