මන්ද, හිත්තීය ජාතික උරියාගේ කරුණු ගැන මිස, සමිඳාණන් වහන්සේ දාවිත්ට අණ කළ කිසි දෙයකින් ඔහු තමාගේ ජීවිතයේ මුළු කාලයේ දී වෙන් වී නොගොස් උන් වහන්සේගේ ඇස් හමුවෙහි හරි දේ ම කෙළේ ය.
2 රාජාවලිය 23:25 - Sinhala New Revised Version මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු හෘදයෙන් ද තමාගේ මුළු සිතින් ද තමාගේ මුළු වීර්යයෙන් ද සමිඳාණන් වහන්සේ වෙත හැරුණු ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන් වත්, ඔහුට පසු ව වත් නොසිටියේ ය. Sinhala New Revised Version 2018 මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු හෘදයෙන් ද තමාගේ මුළු සිතින් ද තමාගේ මුළු වීර්යයෙන් ද සමිඳාණන් වහන්සේ වෙත හැරුණු ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන් වත්, ඔහුට පසු ව වත් නොසිටියේ ය. Sinhala Revised Old Version මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද තමාගේ මුළු ශක්තියෙන්ද ස්වාමීන්වහන්සේ වෙතට හැරුණාවූ ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන්වත් ඔහුට පසුවවත් නොසිටියේය. |
මන්ද, හිත්තීය ජාතික උරියාගේ කරුණු ගැන මිස, සමිඳාණන් වහන්සේ දාවිත්ට අණ කළ කිසි දෙයකින් ඔහු තමාගේ ජීවිතයේ මුළු කාලයේ දී වෙන් වී නොගොස් උන් වහන්සේගේ ඇස් හමුවෙහි හරි දේ ම කෙළේ ය.
ඔබ එසේ කළොත්, සමිඳාණන් වහන්සේ මට වදාළ පරිදි, ‘ඔබේ දරුදැරියෝ තම තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද මා ඉදිරියෙහි සත්‍යවාදී ව හැසිරෙන ලෙස තමන්ගේ ජීවන මාර්ගය ගැන බලාගන්නෝ නම්, ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය අරා හිඳීමට ඔබට කෙනෙක් නැති ව නොයන්නේ ය.’
ඔවුන් වහල්කමට ගත් ඔවුන්ගේ සතුරන්ගේ දේශයේ දී තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශය ද ඔබ තෝරාගත් නගරය ද ඔබේ නාමයට මා ගොඩනැඟුවාවූ මාලිගාව ද දෙස බලා, ඔබට යාච්ඤා කළොත්,
ඔහු ඉශ්රායෙල්වරුන්ගේ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේ ය. ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසු වත්, ඔහුට පෙර වත් ජුදාහි සියලු රජුන් අතරේ නොසිටියේ ය.
තවද, රජ කුළුණ ළඟ සිට, ඒ පොතේ ලියා තිබූ ඒ ගිවිසුමේ වචන ඉෂ්ට කරන පිණිස සමිඳාණන් වහන්සේ අනුව යන ලෙසත්, උන් වහන්සේගේ ආඥා ද ශික්ෂා ද පණත් ද මුළු හෘදයෙන් හා මුළු සිතින් පිළිපදින ලෙසත් උන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේ ය. මුළු සෙනඟ ද ගිවිසුමට එකඟ වූ හ.
තමන්ගේ නායකයන් වන තමන්ගේ සහෝදරයන්ට එකතු වී, දෙවියන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අතින් දෙන ලද උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ සමිඳාණන් වහන්සේගේ ආඥා ද විනිශ්චයයන් ද පණත් ද පවත්වා ඉෂ්ට කරන හැටියටත්,
දේශයේ ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත්, ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නොගන්න හැටියටත්,
කිසිවකට දෙ වන නොවන කිහිරි ලීයෙන් නිවාසයක් තනා ගැනීමෙන් නුඹ රජ කෙනෙකු කියා සිතන්නෙහි ද? නුඹේ පියා සැපට කා බී යුතු දේත්, සාධාරණ දේත් කර හැම අතින් ම සමෘද්ධ වුණා නොවේ ද?
“ඉශ්රායෙල්හි සියලු සෙනඟ විසින් පිළිපදිනු ලබන පිණිස හොරෙබ් කන්දේ දී මාගේ සේවක මෝසෙස්ට මා දුන් ආඥා හා නියෝග සිහි කරන්න.
කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය.
“මෝසෙස් ඔබට ව්‍යවස්ථාවලිය දුන්නා නොවේ ද? එහෙත් ඔබගෙන් කිසිවෙක් ව්‍යවස්ථාවලිය නොපිළිපදිති. ඔබ මා මරන්නට සොයන්නේ මන්දැ”යි ඇසූ සේක.
එහෙත්, එහි දී ඔබේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙවි සමිඳාණන් වහන්සේ සොයා ගියොත් උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත.
දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද ඔබේ මුළු වීර්යයෙන් ද ප්‍රේම කළ යුතු ය.