ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරන්නෙමි.
2 රාජාවලිය 21:4 - Sinhala New Revised Version තවද, ‘මාගේ නාමය ජෙරුසලමෙහි තබන්නෙමි’යි සමිඳාණන් වහන්සේ යම් මාලිගාවක් ගැන වදාළ සේක් ද ඒ මාලිගාවෙහි ඔහු පූජාසන ගොඩනැඟුවේ ය. Sinhala New Revised Version 2018 තවද, ‘මාගේ නාමය ජෙරුසලමෙහි තබන්නෙමි’යි සමිඳාණන් වහන්සේ යම් මාලිගාවක් ගැන වදාළ සේක් ද ඒ මාලිගාවෙහි ඔහු පූජාසන ගොඩනැඟුවේ ය. Sinhala Revised Old Version තවද: මාගේ නාමය යෙරුසලමෙහි තබන්නෙමියි ස්වාමීන්වහන්සේ යම් ගෘහයක් ගැන කීසේක්ද ඒ ගෘහයෙහි ඔහු පූජාසන ගොඩනැගුවේය. |
ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරන්නෙමි.
‘මාගේ නාමය එහි වන්නේ ය’ කියා ඔබ යම් ස්ථානයක් ගැන වදාළ සේක් ද, ඒ ස්ථානය වන මේ මාලිගාව දෙස ඔබේ දෙනෙත් දිවා රෑ දෙක්හි යොමු වී තිබේ වා! ඔබේ මෙහෙකරුවා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව.
උන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මා ඉදිරියෙහි ඔප්පු කළ නුඹේ යාච්ඤාවත්, කන්නලව්වත් මම ඇසුවෙමි. නුඹ ගොඩනැඟුවාවූ මේ මාලිගාවෙහි මාගේ නාමය සදහට ම පවතින පිණිස එය විශුද්ධ කෙළෙමි. මාගේ නෙත ද සිත ද නිරන්තරයෙන් මෙයට යොමු වී තිබෙන්‍නේ ය.
ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබූ ජුදාහි රජවරුන් සෑදූ පූජාසන ද සමිඳාණන් වහන්සේගේ මිදුල් දෙකෙහි මනස්සේ විසින් සාදන ලද පූජාසනය ද කඩා, එතනින් හෙළාදමා ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසි කෙළේ ය.
සමිඳාණන් වහන්සේ කතා කොට, “මා ඉශ්රායෙල් පහකරදැමූ ලෙස ජුදාත් මාගේ ඇස් හමුයෙන් පහ කරදමා, මා තෝරාගත් මේ නුවර වන ජෙරුසලම ද මාගේ නාමය එහි පවතින්නේ යයි මා කී මාලිගාව ද අත්හැරදමන්නෙමි”යි වදාළ සේක.
‘මම මාගේ සෙනඟ මිසර දේශයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය එහි වන පිණිස මාලිගාවක් ගොඩනඟන්න සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරා නොගතිමි. මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා ව සිටින්න කිසි මනුෂ්‍යයෙකු ද තෝරා නොගතිමි.
එහෙත්, මාගේ නාමයේ ගෞරවය රක්ෂා කරන ලෙස ජෙරුසලම ද මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රධානියා වන පිණිස දාවිත් ද තෝරා ගතිමි’යි වදාරා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.
පස්වලින් පූජාසනයක් මට තනා, එය මත නුඹලාගේ දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද නුඹලාගේ බැටළුවන් ද ගවයන් ද පූජා කළ යුතු ය. තවද, මාගේ නාමය සිහි කරනු ලබන සෑම ස්ථානයක දී ම මම නුඹලා වෙත පැමිණ නුඹලාට ආශීර්වාද කරමි.
මේ නගරය ගොඩනැඟුව දා පටන් අද දක්වා මාගේ උදහසත්, මාගේ කෝපයත් ඉපදවීමට එය හේතුවක් විය. ඒ නිසා මා ඉදිරියෙන් එය නැති කිරීමට මම තීරණය කෙළෙමි.
ඔව්හු තමන්ගේ දූ පුතුන් මොලෙක් දෙවියා ඉදිරියෙහි දවා කැප කරන්නට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනැඟුවෝ ය. ඔවුන් ඒ දේ කෙළේ, මාගේ අණට විරුද්ධ ව ය. එබඳු පිළිකුල් මඟින් ඔවුන් පාපයට පෙළඹවීමට මට අදහසක් පහළ වුණේ වත් මා ඔවුන්ට අණ කළේ වත් නැත.
ජුදාවේ සෙනඟ මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර ඇත. ඔවුන් මාගේ නාමය දරන මාලිගාවේ මා පිළිකුල් කරන ඔවුන්ගේ දේව රූප තබා එය දූෂ්‍ය කර ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය.
ඔව්හු තවදුරටත් මට මෙසේ කළහ. එම දවසේ ඔව්හු මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කොට, මාගේ සබත් දවස කෙලෙසූ හ.
ඔව්හු තමන්ගේ පිළිමවලට තමන්ගේ පුත්‍රයන් මරා පිදූ පසු මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ ලෙස එම දවසේ ම ඊට ඇතුළු වූ හ. එසේ ය, මාගේ මාලිගාව මැද ඔව්හු මෙසේ කළහ.
ඔබේ ගෝත්‍ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය.