ඔව්හු තමන්ගේ පුත්‍රයන් ද දූවරුන් ද ගිනි මැදින් යවා පූජා කළෝ ය. පේන කීම ද ශාස්ත්‍ර බැලීම ද භාවිතා කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ උදහස් කරවන ලෙස උන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමට ද භාර වූ හ.
2 රාජාවලිය 17:31 - Sinhala New Revised Version අව්විවරු නිබ්හාස් ද තර්තාක් ද යන දෙවිවරුන් සෑදුවෝ ය. සෙපර්වීවරු ද සෙපර්වයිමේ දෙවිවරුන් වන අද්‍රම්මෙලෙක්ට සහ අනම්මෙලෙක්ට පූජා කරනු සඳහා තමන්ගේ දරුවන් ගින්නෙන් දැවූ හ. Sinhala New Revised Version 2018 අව්විවරු නිබ්හාස් ද තර්තාක් ද යන දෙවිවරුන් සෑදුවෝ ය. සෙපර්වීවරු ද සෙපර්වයිමේ දෙවිවරුන් වන අද්‍රම්මෙලෙක්ට සහ අනම්මෙලෙක්ට පූජා කරනු සඳහා තමන්ගේ දරුවන් ගින්නෙන් දැවූ හ. Sinhala Revised Old Version අව්විවරු නිබ්හස්ද තර්තාක්ද යන දෙවිවරුන් සෑදුවෝය, සෙපර්විවරුද සෙපර්වයිමේ දෙවිවරුන්වූ අද්‍රම් මෙලෙක් සහ අනම්මෙලෙක් සඳහා තමුන්ගේ දරුවන් ගින්නෙන් දැවුවෝය. |
ඔව්හු තමන්ගේ පුත්‍රයන් ද දූවරුන් ද ගිනි මැදින් යවා පූජා කළෝ ය. පේන කීම ද ශාස්ත්‍ර බැලීම ද භාවිතා කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ උදහස් කරවන ලෙස උන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමට ද භාර වූ හ.
අසිරියාවේ රජ බබිලෝනියෙන් ද කුතාවෙන් ද අව්වායෙන් ද හමාතෙන් ද සෙපර්වයිමෙන් ද මිනිසුන් ගෙනවුත්, ඉශ්රායෙල් ජනයා වෙනුවට සමාරියේ නගරවල පදිංචි කරවී ය. ඔව්හු සමාරිය හිමි කරගෙන එහි නගරවල වාසය කළෝ ය.
තවද, ඔහු තමාගේ දෙවි නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාර කරද්දී ඔහුගේ පුත්‍රයන් වන අද්‍රම්මෙලෙක් ද ෂරෙශෙර් ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට පලා ගියහ. ඔහුගේ පුත් ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ විය.
ආණ්ඩුකාර වූ රෙහුම් ද ලේකම් වූ ෂිම්ෂයි ද ඔවුන්ගේ සෙසු සහකාරයෝ ද විනිශ්චයකරුවෝ ද තානාපතියෝ ද පර්සියානු නිලධාරීහු ද උරුක් හා බබිලෝනි වැසියෝ ද සූසාහි ඒලාම්වරු ද
“නුඹලා උදෙසා සාදාගත් දෙවිවරු කොයි ද? නුඹලා විපතට පත් වී සිටින විට ඔවුන්ට හැකි නම්, ඔව්හු නුඹලා ගළවා ගනිත් වා! එම්බා ජුදාව! නුඹට නගර ඇති පමණට නුඹට දෙවිවරු ද සිටිති.
නුඹේ දෙවියන් වහන්සේට අපහාස නොකළ යුතු බැවින්, නුඹ කිසි ම දරුවෙකු මොලෙක් නම් දෙවියාට පූජා නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය.
මා ඔබට අණ කරන මේ සියල්ලට සවන් දී ඒවා පිළිපදින්න. මෙලෙස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ දැහැමි දේ හා කළ යුතු දේ කරන බැවින් ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරු පරපුරටත් සඳහට ම සෙත සැලසෙනු ඇත.”
ඔබ නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට එලෙස නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේ වෛර කරන සෑම පිළිකුල් දෙයක් ම ඔවුන් තමන්ගේ දෙවිදේවතාවන් සම්බන්ධයෙන් කර ඇත. ඔව්හු තමන්ගේ දෙවිදේවතාවන් සඳහා ඔවුන්ගේ දරුදැරියන් පවා ගින්නේ පිළිස්සූ හ.