Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 18:21 - Sinhala New Revised Version

21 නුඹේ දෙවියන් වහන්සේට අපහාස නොකළ යුතු බැවින්, නුඹ කිසි ම දරුවෙකු මොලෙක් නම් දෙවියාට පූජා නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 නුඹේ දෙවියන් වහන්සේට අපහාස නොකළ යුතු බැවින්, නුඹ කිසි ම දරුවෙකු මොලෙක් නම් දෙවියාට පූජා නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 නුඹේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මම ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 18:21
30 හුවමාරු යොමු  

ඔබ නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට එලෙස නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේ වෛර කරන සෑම පිළිකුල් දෙයක් ම ඔවුන් තමන්ගේ දෙවිදේවතාවන් සම්බන්ධයෙන් කර ඇත. ඔව්හු තමන්ගේ දෙවිදේවතාවන් සඳහා ඔවුන්ගේ දරුදැරියන් පවා ගින්නේ පිළිස්සූ හ.


තවද, නුඹලා මාගේ නාමයෙන් බොරුවට නොදිවුළ යුතු ය. දෙවියන් වහන්සේගේ නාමයට නුඹලා අපහාස නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.


තම පුත්‍රයා හෝ දුව හෝ ගින්නෙන් දවා පූජා කරන්නෙකු වත්, පේන කියන්නෙකු වත්, නැකත් බලන්නෙකු වත්, ශාස්ත්‍රකාරයෙකු වත්, කොඩිවිනකාරයෙකු වත්,


නුඹලා මාගේ ශුද්ධ නාමයට අපහාස නොකළ යුතු ය. මුළු ඉශ්රායෙල් ජනයා මා විශුද්ධ ලෙස සැලකිය යුතු ය. නුඹලා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.


නැත, නමස්කාර කරන පිණිස ඔබ විසින් සාදන ලද රූප, එනම්, මොලෙක්ගේ දේවාලය ද රෙපාන් දෙවියාගේ තාරකාව ද ඔබ ඔසවාගෙන ගියහු ය. එබැවින් ඔබ බබිලෝනියෙන් එපිටට නෙරපන්නෙමි’ යනුවෙන් ලියා තිබේ.


“එහෙත් නුඹලා සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිළිකුල් යයි කියමින් එහි ඔප්පු කරන ආහාරවලට නිගා කරන බැවින් නුඹලා මාගේ නාමයට අගෞරව කරන්නහු ය.


තවද, ඔවුන් තමන්ගේ පුත්‍රයන් ගින්නෙන් දවා, බාල් දෙවියාට දවන යාග පූජා කරන පිණිස, බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනඟා තිබේ. එසේ කරන්නට කියා මා අණ කෙළේ වත්, කීවේ වත් නැත. එවැන්නක් මාගේ සිතට නැඟුණේ වත් නැත.


මා මෙසේ කරන්නේ, සලමොන් ඔහුගේ පිය වූ දාවිත් මෙන් මාගේ ඇස් හමුවෙහි හරි දේ ද මාගේ පණත් ද විනිශ්චයයන් ද ඉෂ්ට නොකරමින්, මාගේ මාර්ගවල නොහැසිර, මා අත්හැර සීදොන්වරුන්ගේ දේවතාවිය වූ අෂ්ටාරොත්ට ද මෝවබ්වරුන්ගේ දේවතාවා වූ කෙමොෂ්ට ද අම්මොන්වරුන්ගේ දේවතාවා වූ මිල්කොම්ට ද නමස්කාර කළ නිසා ය.


එකල සලමොන් ජෙරුසලම ඉදිරියෙහි වූ කන්ද මත මෝවබ්වරුන්ගේ පිළිකුල් කටයුතු කෙමොෂ් දේවතාවාටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල් කටයුතු මොලෙක් දේවතාවාටත් ගිරිකුළු දේවාලයක් ගොඩනැඟී ය.


ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන ලෙස වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා මට පුදන පූජාවලින් මාගේ ශුද්ධ නාමයට නින්දා නොවන ලෙස ඔවුන්ගේ ඒ ශුද්ධ පූජා ගෞරවයෙන් සැලකිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. ඔවුන්ට මෙසේ කියන්න:


එහෙත් නුඹලා, දැන් නුඹලා උදෙසා ම තනාගත් ‘සක්කුත්’ සහ ‘කයිවාන්’ යන ග්‍රහ දේව රූප කර තබාගෙන යන්නහු ය;


ඔවුන් කාමමිථ්‍යාචාරය කර ඇත; මිනී මරා ඇත; ඔවුන් තමන්ගේ පිළිම සමඟ කාමමිථ්‍යාචාරය කර ඇත; ඔවුන් මා උදෙසා ලැබූ පුත්‍රයන් වුව ද ආහාර පිණිස ඒ පිළිමවලට පූජා කර ඇත.


නුඹලාගේ පුත්‍රයන් ගින්නෙහි පූජා කරමින් නුඹලාගේ පඬුරු ඔප්පු කරන කල, නුඹලා අද දක්වා නුඹලාගේ සියලු දේව රූප කරණකොටගෙන කිළුටු වන්නහු ද? කරුණු මෙසේ ව තිබිය දී ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා තවමත් මාගේ කැමැත්ත විමසන පිණිස පැමිණෙන්නහු ය. මාගේ ජීවමාන නාමයෙන් දිවුරා නුඹලාට මාගෙන් විමසන්න ඉඩ නොදෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.


ඔවුන් තමන්ගේ දරුදැරියන් හින්නොම් දෙවියාට පූජා කරන පිණිස, බෙන්-හින්නොම් මිටියාවතේ තෝපෙත්හි ගිරිකුළු දේවාලයක් ගොඩනඟා ඇත. එසේ කරන්නට මා ඔවුන්ට අණ කෙළේ නැත; ඒ ගැන මා සිතුවේ වත් නැත.


කිසිවෙකු තමාගේ පුත්‍රයෙකු වත්, දුවක වත් මොලෙක් දෙවියාට ගින්නෙන් කැප නොකරන පිණිස ඔහු හින්නොම් පුත්‍රයන්ගේ මිටියාවතෙහි තිබුණ තොපෙත් නම් ගිනි උදුන දූෂ්‍ය කෙළේ ය.


ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය. මායම් හා ශාස්ත්‍ර බැලීම් ද භාවිතා කරමින් ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද පත් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි බොහෝ නපුරු දේ කෙළේ ය.


ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි ගමන්කර සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ විජාතීන්ගේ පිළිකුල් සිරිත් ලෙස තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය.


ඔවුන් දෙවියන් වහන්සේට කැප වී සිටිය යුතු ය. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයට අපහාස නොකළ යුතු ය. දෙවියන් වහන්සේගේ භෝජනය වන, සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජා ද ඔවුන් ඔප්පු කළ යුතු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව සිටිය යුතු ය.


එබැවින් ශුද්ධ ලියවිලිවල කියා ඇති පරිදි: “ඔබ නිසා විජාතීන් අතර දෙවියන් වහන්සේගේ නාමය අපකීර්තියට පත් වී ඇත.”


ඔව්හු අජරාමර දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය වෙනුවට, ජරාපත් වන මිනිසුන්ගේ ද පක්ෂීන්ගේ ද සිව්පාවුන්ගේ ද උරගයන්ගේ ද සමානකම් ඇති පිළිරූ යොදාගත්හ.


ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පු කොට, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේ ය.


ඔව්හු තමන්ගේ දූ පුතුන් මොලෙක් දෙවියා ඉදිරියෙහි දවා කැප කරන්නට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනැඟුවෝ ය. ඔවුන් ඒ දේ කෙළේ, මාගේ අණට විරුද්ධ ව ය. එබඳු පිළිකුල් මඟින් ඔවුන් පාපයට පෙළඹවීමට මට අදහසක් පහළ වුණේ වත් මා ඔවුන්ට අණ කළේ වත් නැත.


තවද දේවරූපවලට පුදන ලද ඔවුන්ගේ ම පඬුරුවලින් ඔවුන් දූෂණය වන්නට මම ඉඩ හැරියෙමි. ඔවුන් භීතියෙන් තැති ගන්වන පිණිස ඔවුන්ගේ කුලුඳුල් පුත්‍රයන් ගිනි පූජා කරන්න ඉඩ හැරියෙමි. එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස ය.


දහස් ගණන් බැටළු පැටවුන්ටත්, දස දහස් ගණන් තෙල් ගංගාවලටත් සමිඳාණෝ ප්‍රසන්න වන සේක් ද? මාගේ වරදට වන්දියක් වශයෙන් මාගේ කුලුඳුලා, මාගේ ආත්මයේ පාපය උදෙසා මාගේ දරුවා පූජා කරම් ද?


නුඹ ද ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: යමෙකු දෙවියන් වහන්සේට සාප කළොත්, ඔහු ඒ පාපයේ දුර්විපාකය දැරිය යුතු ය.


අව්විවරු නිබ්හාස් ද තර්තාක් ද යන දෙවිවරුන් සෑදුවෝ ය. සෙපර්වීවරු ද සෙපර්වයිමේ දෙවිවරුන් වන අද්‍රම්මෙලෙක්ට සහ අනම්මෙලෙක්ට පූජා කරනු සඳහා තමන්ගේ දරුවන් ගින්නෙන් දැවූ හ.


දුබලුන් පොළොවේ ධූලි මත පාගා, අහිංසකයන් අහකට නෙරපාදමති. පියාත් පුතාත් දෙදෙන ම, එක ම දේවාල ගණිකාවන් සේවනය කර මාගේ ශුද්ධ නාමය කෙලෙසති;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්