ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 16:5 - Sinhala New Revised Version

එකල සිරියාවේ රජ වන රෙශින් ද රෙමලියාගේ පුත් ඉශ්රායෙල් රජ වන පෙකා ද යුද්ධ කරන පිණිස ජෙරුසලමට අවුත් ආහාස් වැටලූ නමුත්, ඔහු පරදවන්නට අපොහොසත් වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එකල සිරියාවේ රජ වන රෙශින් ද රෙමලියාගේ පුත් ඉශ්රායෙල් රජ වන පෙකා ද යුද්ධ කරන පිණිස ජෙරුසලමට අවුත් ආහාස් වැටලූ නමුත්, ඔහු පරදවන්නට අපොහොසත් වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එකල සිරියේ රජවූ රෙශීන්ද රෙමලියාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ පෙකාද යුද්ධ කරන පිණිස යෙරුසලමට ඇවිත් ආහාස් වැටලූ නුමුත් ඔහු පරදවන්ට බැරි වූවෝය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 16:5
10 හුවමාරු යොමු  

මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගන්න ලද නගරය වන ජෙරුසලමේ මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශයෙන් පැවතෙන්නෙකු මා ඉදිරියෙහි සිටින පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.


එහෙත්, දාවිත් නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහුට පසු ව ඔහුගේ පුත්‍රයා නැඟිටුවීමෙන් ද ජෙරුසලම ආරක්ෂා කිරීමෙන් ද ජෙරුසලමට පහනක් වැනි පුත්‍රයෙකු ඔහුට දුන් සේක.


ඒ දවස්වල දී සමිඳාණන් වහන්සේ සිරියාවේ රජ වූ රෙශින් ද රෙමලියාගේ පුත් පෙකා ද ජුදාට විරුද්ධ ව සටනට යවන්න පටන්ගත් සේක.


සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය.


“මේ සෙනඟ හෙමින් ගලා බැස යන ෂිලොවාහි දිය ඇල එපා කොට, රෙශීන් ද පෙකා රජු ද ඉදිරියේ වෙවුළන බැවින්,