Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 15:4 - Sinhala New Revised Version

4 එහෙත්, දාවිත් නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහුට පසු ව ඔහුගේ පුත්‍රයා නැඟිටුවීමෙන් ද ජෙරුසලම ආරක්ෂා කිරීමෙන් ද ජෙරුසලමට පහනක් වැනි පුත්‍රයෙකු ඔහුට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එහෙත්, දාවිත් නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහුට පසු ව ඔහුගේ පුත්‍රයා නැඟිටුවීමෙන් ද ජෙරුසලම ආරක්ෂා කිරීමෙන් ද ජෙරුසලමට පහනක් වැනි පුත්‍රයෙකු ඔහුට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 එහෙත් දාවිත් නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහුට පසුව ඔහුගේ පුත්‍රයා නැගිටවීමෙන්ද යෙරුසලම ස්ථිරකිරීමෙන්ද යෙරුසලමේ ඔහුට පහනක් දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 15:4
26 හුවමාරු යොමු  

මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.


එහෙත්, දෙවියන් වහන්සේ මිටියාවතේ නගර විනාශ කරන විට උන් වහන්සේ ආබ්‍රහම් සිහි කළ සේක. ලොත් විසූ නගර වනසන විට ඒ විපතින් උන් වහන්සේ ලොත් ගළවා හැරිය සේක.


එසේ වනුයේ, ආබ්‍රහම් මා හට කීකරු ව, මාගේ අණපණත් ද මාගේ නීති ව්‍යවස්ථා ද පිළිපැදි හෙයිනි.”


එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි රජුට සහාය වී පිලිස්තියයාට පහර දී ඔහු මැරුවේ ය. එවිට දාවිත්ගේ සෙනඟ, “ඉශ්රායෙල්වරුන්ගේ පහන වැනි බලාපොරොත්තුව වන ඔබ, නො‍නිවෙන පිණිස තවත් අප සමඟ යුද්ධයට නො‍යා යුතු ය”යි දිවුරුම් දී දාවිත්ට කියා සිටියෝ ය.


එහෙත්, නුඹේ පිය දාවිත් නිසා මම නුඹේ කාලයේ දී එය නොකොට, නුඹේ පුත්‍රයාගේ අතින් එය පැහැර ගන්නෙමි.


එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරු දාවිත් නිසාත්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරාගන්න ලද නුවර වන ජෙරුසලම නිසාත් ඔහුට වන්නේ ය.


මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගන්න ලද නගරය වන ජෙරුසලමේ මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශයෙන් පැවතෙන්නෙකු මා ඉදිරියෙහි සිටින පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.


එහෙත්, සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ කළ ගිවිසුම නිසා ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත් සෑමකල්හි ම නොනිවෙන පහනක් සේ එහි රජකම දෙන්න පොරොන්දු වූ නිසා ද දාවිත්ගේ වංශය නැති කරන්න අකමැති වූ සේක.


එහි දාවිත්ගෙන් පැවැතෙන්නෙකු බලවත් රජෙකු කරන්නෙමි. මාගේ අභිෂේක ලත් තැනැත්තාට පහනක් මෙන් දිළෙන්නට සලසන්නෙමි.


සමිඳුනි, ඔබ මාගේ පහන දල්වන සේක; මාගේ දෙවි සමිඳාණෝ මාගේ අඳුර එළිය කරන සේක.


සියොන් කන්ද ගැන මෙසේ කියනු ලබන්නේ ය; ‘සියලු ජාතීහු එහි උපත ලද්දෝ ය; මහෝත්තමයාණෝ ඇය ශක්තිමත් කරන සේක.’


පිලිස්තියෙන් අප වෙත පැමිණෙන පණිවුඩකාරයන්ට අප කුමන පිළිතුරක් දිය යුතු ද? ‘සමිඳුන් සියොන් පිහිටුවා ඇත. එතුමන්ගේ දුක් විඳින සෙනඟට එහි සුරැකි ව විසිය හැකි යැ’යි කියන්නෙමු.”


මාගේ ගෞරවය සඳහාත්, මාගේ සේවක දාවිත්ට කළ පොරොන්දුව නිසාත් මේ නගරය රැක බලා ගළවාගන්නෙමි.”


එතුමන් ජෙරුසලම ප්‍රතිසංස්කරණය කොට එය මුළු ලොවෙහි වර්ණනාවට ලක් වන නගරයක් වන තුරු ඔව්හු එතුමන්ට විවේකයක් නොදෙති.


එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”


පොළොව මවා, එය පිහිටුවන පිණිස එය සකස් කළ ස්වාමීන් යන නාමය ඇති තැනැන් වහන්සේ ජෙරමියාට කතා කොට මෙසේ වදාළ සේක:


මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.


විජාතීන්ට එළිය දෙන ආලෝකය ද ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ මහිමය ද වේ.”


යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.


ජුදෙව්වරුන් සුබ අස්න ප්‍රතික්ෂේප කළ නිසා ඔව්හු දෙවියන් වහන්සේගේ සතුරෝ වූ හ. එය ඔබගේ යහපතට හැරුණි. එහෙත් ඔවුන්ගේ පියවරුන් නිසා දෙවියන් වහන්සේ ඔවුන් තෝරාගත් බැවින්, ඔව්හු දෙවියන් වහන්සේගේ මිත්‍රයෝ වූ හ.


ඔබේ පියවරුන්ට උන් වහන්සේ ප්‍රේම කළ නිසා, ඔවුන්ගෙන් පැවත ආ පෙළපත තෝරාගෙන මහා බලය පා මිසර දේශයෙන් උන් වහන්සේ ම ඔවුන් ගෙනා සේක.


“ජේසුස් වහන්සේ වන මම සභාවන්ගේ යහපත උදෙසා මේ දේවල් ප්‍රකාශ කරන පිණිස මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ වංශයේ මුල ද එයින් පැවත එන්නා ද වෙමි. මම සුදිළෙන පහන් තරුව වෙමි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්