ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 13:22 - Sinhala New Revised Version

සිරියාවේ රජ වූ හසායෙල් ජෙහෝවාහාස්ගේ මුළු කාලයෙහි ඉශ්රායෙල්වරුන්ට පීඩා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සිරියාවේ රජ වූ හසායෙල් ජෙහෝවාහාස්ගේ මුළු කාලයෙහි ඉශ්රායෙල්වරුන්ට පීඩා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සිරියේ රජවූ හසායෙල් යෙහෝවාහාස්ගේ මුළු කාලයෙහි ඉශ්‍රායෙල්වරුන්ට පීඩාකෙළේය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 13:22
6 හුවමාරු යොමු  

හසායෙල්ගේ කඩුවෙන් ගැළවෙන අය ජේහු විසින් මරනු ලබත්. ජේහුගේ කඩුවෙන් ගැළවෙන අය එලිෂා විසින් මරනු ලබත්.


එකල්හි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් දේශයේ ප්‍රමාණය කුඩා කරන්නට පටන්ගත් සේක.


එවිට හසායෙල්, “මාගේ ස්වාමියා අඬන්නේ කුමක් නිසා දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, “ඔබ ඉශ්රායෙල් ජනයාට කරන්න යන නපුර මා දන්න නිසා ය. ඔබ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිම ගසා මරා, ඔවුන්ගේ ගර්භණීන් දෙපළුකර දමන්නෙහි ය”යි කී ය.


හසායෙල් ද කතා කොට, “බල්ලෙකු වැනි ඔබේ මෙහෙකරු මා ඒ බරපතල දේ කරන්නට ඔහු කවරෙක් දැ”යි ඇසී ය. එලිෂා කතා කොට, “ඔබ සිරියාවේ රජ වන බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි කී ය.