Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 10:32 - Sinhala New Revised Version

32 එකල්හි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් දේශයේ ප්‍රමාණය කුඩා කරන්නට පටන්ගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 එකල්හි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් දේශයේ ප්‍රමාණය කුඩා කරන්නට පටන්ගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 ඒ කාලයේදී ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් හීනකරන්ට පටන්ගත්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 10:32
7 හුවමාරු යොමු  

එවිට හසායෙල්, “මාගේ ස්වාමියා අඬන්නේ කුමක් නිසා දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, “ඔබ ඉශ්රායෙල් ජනයාට කරන්න යන නපුර මා දන්න නිසා ය. ඔබ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිම ගසා මරා, ඔවුන්ගේ ගර්භණීන් දෙපළුකර දමන්නෙහි ය”යි කී ය.


හසායෙල්ගේ කඩුවෙන් ගැළවෙන අය ජේහු විසින් මරනු ලබත්. ජේහුගේ කඩුවෙන් ගැළවෙන අය එලිෂා විසින් මරනු ලබත්.


ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ් තමාගේ පිය වූ ජෙහෝවාහාස් අතින්, හසායෙල් විසින් යුද්ධ කොට අල්ලා ගනු ලැබූ නගර ඔහුගේ පුත්‍රයා වූ බෙන්-හදද් අතින් නැවත අල්ලාගත්තේ ය. ජෝවාෂ් තුන් වරක් ඔහුට පහර දී ඉශ්රායෙල් නගර ආපසු අල්ලාගත්තේ ය.


සිරියාවේ රජ වූ හසායෙල් ජෙහෝවාහාස්ගේ මුළු කාලයෙහි ඉශ්රායෙල්වරුන්ට පීඩා කෙළේ ය.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ, ගාත්-හෙපෙර්හි දිවැසිවර අමිත්තයිගේ පුත් ජෝනා ලවා කියෙවූ වචනය ලෙස හමාත් දුර්ගයට ඇතුල් වන තැන පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්රායෙල්වරුන්ගේ දේශ සීමාව ඔහු නැවත ලබාගත්තේ ය.


එකල සිරියාවේ රජ වන හසායෙල් අවුත් ගාත් නගරයට විරුද්ධ ව යුද්ධ කොට එය අල්ලාගෙන, ජෙරුසලමටත් විරුද්ධ ව පහර දෙන්නට තීරණය කරගත්තේ ය.


ඉන්පසු දුක් පීඩා හා විපත්ති නිසා ඔවුන්ගේ ගණන අඩු වී ඔව්හු දුබල වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්