තවද, ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබා යන ශබ්දයක් නුඹට ඇසෙන කල කඩිසර වන්න. මන්ද, ඒ වේලාවේ දී සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස නුඹට පෙරටුව යන සේකැ”යි වදාළ සේක.
2 රාජාවලිය 13:17 - Sinhala New Revised Version “නැගෙනහිර කවුළුව අරින්නැ”යි කී ය. ඔහු එය ඇරිය පසු, “දුන්නෙන් විදින්නැ”යි එලිෂා කී ය. ඔහු ද විද්දේ ය. එවිට එලිෂා, “ඒ සමිඳාණන් වහන්සේගේ ජය ඊගස ය, එනම්, සිරියන්වරුන්ගෙන් ජය ගැනීමේ ඊගස ය. ඔබ සිරියන්වරුන් නැති කරන තුරු, අපෙක්හි දී ඔවුන්ට පහර දෙන්නෙහි ය”යි කී ය. Sinhala New Revised Version 2018 “නැගෙනහිර කවුළුව අරින්නැ”යි කී ය. ඔහු එය ඇරිය පසු, “දුන්නෙන් විදින්නැ”යි එලිෂා කී ය. ඔහු ද විද්දේ ය. එවිට එලිෂා, “ඒ සමිඳාණන් වහන්සේගේ ජය ඊගස ය, එනම්, සිරියන්වරුන්ගෙන් ජය ගැනීමේ ඊගස ය. ඔබ සිරියන්වරුන් නැති කරන තුරු, අපෙක්හි දී ඔවුන්ට පහර දෙන්නෙහි ය”යි කී ය. Sinhala Revised Old Version නැගෙනහිර කවුළුව අරින්නැයි කීවේය. ඔහු ඒක ඇරියවිට: විදින්නැයි එලිෂා කීවේය. ඔහු විද්දේය. එවිට එලිෂා ඒ ස්වාමීන්වහන්සේගේ ජය ඊගසය; එනම් සිරියවරුන්ගෙන් ජයගැනීමේ ඊගසය. නුඹ සිරියවරුන් නැතිකරන තුරු අපෙක්හිදී ඔවුන්ට පහර දෙන්නෙහියයි කීවේය. |
තවද, ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබා යන ශබ්දයක් නුඹට ඇසෙන කල කඩිසර වන්න. මන්ද, ඒ වේලාවේ දී සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස නුඹට පෙරටුව යන සේකැ”යි වදාළ සේක.
ඊට පසු පැමිණි වසන්ත කාලයේ දී බෙන්-හදද් සිරියාවේ වැසියන් රැස් කොට ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට අපෙක් නම් ස්ථානයට ගියේ ය.
තවද, එක් සෙනඟක් අනික් සෙනඟට ඉදිරියෙන් සත් දවසක් කඳවුරු බැඳ සිටියෝ ය. සත් වන දින යුද්ධය ඇරඹිණි. ඉශ්රායෙල් ජනයා සිරියාවේ වැසියන්ගේ පාබල සේනාවෙන් ලක්ෂයක් එක දවසක දී මැරූ හ.
එලිෂා “ඔබේ අත දුන්න පිට තබන්නැ”යි ඉශ්රායෙල් රජුට කී ය. ඔහු තම අත තැබී ය. එවිට එලිෂා තමාගේ අත් රජුගේ අත් පිට තබා,
ඔහු ද, “ඊගස් ගන්නැ”යි කී ය. ඔහු ඒවා ගත් විට, “ඒවා බිම ගසන්නැ”යි ඔහු ඉශ්රායෙල් රජුට කී ය. ඔහු තුන් වරක් ඒවා බිම ගසා නැවතුණේ ය.
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ අතේ තිබෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. ඔහු, “සැරයටියකැ”යි කී ය.
කුරුසියේ පණිවුඩය, විනාශ වන අයට විකාර දෙඩුමකි. එහෙත් විමුක්තිය ලබන අපට එය දෙවියන් වහන්සේගේ බලය වේ.
සාමුවෙල් කතා කළ විට ඉශ්රායෙල් ජනතාව ඔහුගේ වචන පිළිගත්හ. එකල ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට පිටත් ව ගොස්, එබෙන්-එශෙර් ළඟ කඳවුරු බැඳගත්හ.