Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 රාජාවලිය 13:18 - Sinhala New Revised Version

18 ඔහු ද, “ඊගස් ගන්නැ”යි කී ය. ඔහු ඒවා ගත් විට, “ඒවා බිම ගසන්නැ”යි ඔහු ඉශ්රායෙල් රජුට කී ය. ඔහු තුන් වරක් ඒවා බිම ගසා නැවතුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔහු ද, “ඊගස් ගන්නැ”යි කී ය. ඔහු ඒවා ගත් විට, “ඒවා බිම ගසන්නැ”යි ඔහු ඉශ්රායෙල් රජුට කී ය. ඔහු තුන් වරක් ඒවා බිම ගසා නැවතුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ඔහු: ඊගස් ගන්නැයි කීවේය. ඔහු ගත්විට: බිම ගසන්නැයි ඔහු ඉශ්‍රායෙල් රජුට කීවේය. ඔහු තුන් වරක් ගසා නැවතුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 13:18
9 හුවමාරු යොමු  

“නැගෙනහිර කවුළුව අරින්නැ”යි කී ය. ඔහු එය ඇරිය පසු, “දුන්නෙන් විදින්නැ”යි එලිෂා කී ය. ඔහු ද විද්දේ ය. එවිට එලිෂා, “ඒ සමිඳාණන් වහන්සේගේ ජය ඊගස ය, එනම්, සිරියන්වරුන්ගෙන් ජය ගැනීමේ ඊගස ය. ඔබ සිරියන්වරුන් නැති කරන තුරු, අපෙක්හි දී ඔවුන්ට පහර දෙන්නෙහි ය”යි කී ය.


එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔහු කෙරෙහි උදහස් වී, “ඔබ ඒවා පස් වරක් හෝ හය වරක් හෝ ගසන්නට යුතු ව තිබිණි. එසේ කෙළේ වී නම්, ඔබ සිරියන්වරුන් විනාශ වන තුරු ඔවුන්ට පහර දෙනු ඇත. එහෙත්, දැන් ඔබ තුන් වරක් පමණක් සිරියන්වරුන්ට පහර දෙන්නෙහි ය”යි කී ය.


ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ් තමාගේ පිය වූ ජෙහෝවාහාස් අතින්, හසායෙල් විසින් යුද්ධ කොට අල්ලා ගනු ලැබූ නගර ඔහුගේ පුත්‍රයා වූ බෙන්-හදද් අතින් නැවත අල්ලාගත්තේ ය. ජෝවාෂ් තුන් වරක් ඔහුට පහර දී ඉශ්රායෙල් නගර ආපසු අල්ලාගත්තේ ය.


භාජන පිරුණු කල ඈ, “තවත් භාජනයක් මට ගෙනෙ‍න්නැ”යි ඇගේ පුත්‍රයාට කීවා ය. “තවත් භාජනයක් නැතැ”යි ඔහු ඈට කී ය.


මෝසෙස් තමාගේ අත් ඔසවාගෙන සිටි තෙක් ඉශ්රායෙල්වරුන්ට ජය අත් විය. ඔහු තම අත් පහතට හෙළූ විට අමලෙක්වරු ජයගත්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්