මිදියන්වරු, මිසරයේ දී පාරාවෝ රජුගේ වාසල ඇමති හා මුර සෙන්පති වන පොතිපර්ට ජෝසෙප් විකුණුවෝ ය.
2 රාජාවලිය 11:19 - Sinhala New Revised Version තවද, ඔහු ශතාධිපතීන් ද ආරක්ෂක භටයන් ද මුරකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද පිරිවරා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජ ගෙදරට පැමිණියේ ය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි වාඩි විය. Sinhala New Revised Version 2018 තවද, ඔහු ශතාධිපතීන් ද ආරක්ෂක භටයන් ද මුරකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද පිරිවරා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජ ගෙදරට පැමිණියේ ය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි වාඩි විය. Sinhala Revised Old Version තවද ඔහු ශතාධිපතීන්ද කාරියවරුන්ද මුරකාරයන්ද දේශයේ මුළු සෙනඟද කැඳවාගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සිට රජු ගෙනගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජගෙදරට පැමුණුණේය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි හිඳගත්තේය. |
මිදියන්වරු, මිසරයේ දී පාරාවෝ රජුගේ වාසල ඇමති හා මුර සෙන්පති වන පොතිපර්ට ජෝසෙප් විකුණුවෝ ය.
ඔබ ගොස් දාවිත් රජු ළඟට පැමිණ, ඔහු අමතා, ‘මාගේ ස්වාමීන් වන රජතුමෙනි, සැබැවින් ම ඔබ පුත් සලමොන් මට පසු ව රජ වී ඔහු මාගේ සිහසුන අරා හිඳගන්නේ ය, කියා ඔබේ දාසී හට ඔබ දිවුරුම් දුන්නා නොවේ ද? එසේ නම්, අදොනියා රජ වී සිටින්නේ මන්දැ’යි ඔහුගෙන් අසන්න.
රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ මාලිගාවේ දොරටුවල රැකවල් කළ මුර භටයන්ගේ අධිපතීන් අතට භාර දුන්නේ ය.
එවිට සලමොන් තමාගේ පිය වූ දාවිත් වෙනුවට රජ ව සමිඳාණන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳ සමෘද්ධිමත් විය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට කීකරු වූ හ.
යම් හෙයකින් අපවිත්‍ර කිසිවෙකු ඇතුළු නොවන පිණිස ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩවල දොරටු පාලකයන් සිටෙවුවේ ය.
තවද, ඔහු ශතාධිපතීන් ද වංශාධිපතීන් ද සෙනඟගේ ආණ්ඩුකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද කැඳවාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගියේ ය. ඔව්හු ඉහළ දොරටුවෙන් රජ ගෙට පැමිණ රජතුමන් රාජාසනයෙහි වාඩි කරවූ හ. මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීති වූ හ.
තුනෙන් කොටසක් රජ ගෙයි ද තුනෙන් කොටසක් අත්තිවාරම් දොරටුවෙහි ද සිටිය යුතු ය. මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මණ්ඩපවල සිටිත්වා.
නුඹලා මෙසේ කළොත්, දාවිත්ගේ සිංහාසනයේ වැඩ හිඳින, රථවල හා අශ්වයන් පිට නැඟී යන රජවරුන් සහ ඔවුන්ගේ අධිපතීහු ද ජුදාහි ජනයා ද ජෙරුසලමේ වැසියෝ ද මේ නගරයේ දොරටුවලින් ඇතුළු වන්නෝ ය. මේ නගරය සදහට ම පවතිනු ඇත.
‘මේ මිනිසා දරුවන් නැති, තම ජීවිත කාලයේ දී කිසි සඵලයක් නොලැබූ මිනිසෙකැ’යි කියන්න. මන්ද, ඔහුගේ වංශයේ කිසිවෙකුට තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ ජුදා දේශයෙහි රජකම් කිරීමට නොලැබෙන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
නුඹලා මාගේ වචනයට කීකරු වන්නහු නම්, දාවිත්ගේ පරපුරෙන් පැවත එන රජ පරපුර නොකැඩී පවතියි; ඔව්හු ද ඔවුන්ගේ සේවකයෝ ද සෙනඟ ද රථවල හා අශ්වයන් පිට නැඟී, මේ මාලිගාවේ දොරටුවලින් ඇතුළු වන්නෝ ය.
ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: “සැබැවින් ම මම ඔබට කියමි, මතු ඇති වන නව යුගයේ දී මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමාන්විත ව සිංහාසනයේ වැඩ හිඳින කල, මා අනුගාමී වූ ඔබත් ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහු ය.
“මනුෂ්‍ය-පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල, එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක.