Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 11:19 - Sinhala Revised Old Version

19 තවද ඔහු ශතාධිපතීන්ද කාරියවරුන්ද මුරකාරයන්ද දේශයේ මුළු සෙනඟද කැඳවාගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සිට රජු ගෙනගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජගෙදරට පැමුණුණේය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි හිඳගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 තවද, ඔහු ශතාධිපතීන් ද ආරක්ෂක භටයන් ද මුරකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද පිරිවරා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජ ගෙදරට පැමිණියේ ය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි වාඩි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 තවද, ඔහු ශතාධිපතීන් ද ආරක්ෂක භටයන් ද මුරකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද පිරිවරා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජ ගෙදරට පැමිණියේ ය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි වාඩි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 11:19
13 හුවමාරු යොමු  

මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක.


යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස විනිශ්චයකරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ මනුෂ්‍යයා දරුවන් නැත්තාවූ, තමාගේ දවස්වලදී සඵල නොවන්නාවූ මනුෂ්‍යයෙක්යයි ලියන්න. මක්නිසාද ඔහුගේ වංශයේ කිසිවෙක් තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ යූදාහි ආණ්ඩුකරමින් සඵල නොවන්නේය.


නුඹලා මේ දේ සැබවින්ම කළොත්, දාවිත් වෙනුවට ඔහුගේ සිංහාසනයෙහි හිඳින්නාවූ, රථවල සහ අශ්වයන් පිට නැගීයන්නාවූ රජවරු සහ ඔවුන්ගේ සේවකයෝද ඔවුන්ගේ සෙනඟද මේ ගෘහයේ දොරටුවලින් ඇතුල්වන්නෝය.


දාවිත්ගේ සිංහාසනයෙහි වාඩිවෙන්නාවූ, රථවල සහ අශ්වයන් පිට නැගී යන්නාවූ රජවරු සහ ඔවුන්ගේ අධිපතීහුද යූදාහි මනුෂ්‍යයෝද යෙරුසලමේ වැසියෝද මේ නුවර දොරටුවලින් ඇතුල්වන්නාහුය. මේ නුවරද සදාකාලේටම පවතිනවා ඇත.


යම් හෙයකින් අපවිත්‍ර කිසිවෙක් ඇතුල් නොවන පිණිස ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරකඩවල දොරටුපාලයන් සිටෙවුවේය.


තුනෙන් කොටසක් රජගෙයිද තුනෙන් කොටසක් අත්තිවාරම් දොරටුවෙහිද සිටිය යුතුය. මුළු සෙනඟද ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මණ්ඩපවල සිටිත්වා.


එවිට සාලමොන් තමාගේ පියවූ දාවිත් වෙනුවට රජව ස්වාමීන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳ සඵලවුණේය; සියලු ඉශ්‍රායෙල්වරු ඔහුට කීකරුවූවෝය.


නුඹ ගොස් දාවිත් රජු ළඟට පැමිණ ඔහුට කථාකොට: මගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි–සැබවින් නුඹේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජවී ඔහු මාගේ සිංහාසනය පිට හිඳගන්නේය කියා ඔබගේ මෙහෙකාරීට ඔබ දිවුරුම් දුන්නා නොවේද? එසේවීනම් අදොනියා රජ වී සිටින්නේ මන්දැයි ඔහුට කියන්න.


මිදියන්වරු ඔහු මිසරයේදී ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකද වූ පෝතිඵර්ට වික්කෝය.


තවද ඔහු ශතාධිපතීන්ද වංශාධිපතීන්ද සෙනඟගේ ආණ්ඩුකාරයන්ද දේශයේ මුළු සෙනඟද කැඳවාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සිට රජු ගෙනගියේය. ඔව්හු ඉහළ දොරටුවෙන් රජගෙට පැමිණ රජ්ජුරුවන් රාජාසනයෙහි හිදෙවුවෝය. මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීතිවූහ,


රෙහොබොවම් රජ ඒ වෙනුවට පිත්තල පලිස් සාදා රජගෙයි දොරකඩ රැකවල් කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට භාරදුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්